(රංජන් කස්තුරි)
බලපත්ර රහිත තුවක්කු රජයට බාරදීම සඳහා සහන කාලයක් ප්රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ඊයේ(05) සිට බලපැවැත්වෙන පරිදි පෙබරවාරි 12 වැනි දින දක්වා කාලය තුළ බලපත්ර රහිත තුවක්කු ළඟ තබාගන්නන්ට ඒවා ළඟම පිහිටි පොලිසියට බාරදිය හැකි බව ආරක්ෂක අමාත්යංශය සඳහන් කරයි.
එම තුවක්කු බාරදෙන තැනැත්තන්ට ඒවා ළඟ තබාගැනීම සම්බන්ධයෙන් දඩයක් හෝ දඬුවමක් නොකළ යුතු බවට ජනාධිපතිවරයා නියම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවක්කු බහා තබන්න පෙට්ටියක් හදලා සේල් කරලා තියන්න ඕනේ. කෙනෙක්ට තමාගේ ලග තියෙන ඒවා දාලා යන්න. ඊට පස්සේ වැරදිලා හරි ලග තියෙන කෙනෙක් අහු උනානම් නීතිය උපරිමයෙන් ක්රියාත්මක කරන්න.
අනේ එහෙම කරන්න එපා... අපිටත් තුවක්කු දෙන්න. අපේ ජීවිත අපිට වටිනවා මන්ත්රීලාගේ ජීවිත ඔවුන්ට වටිනවා වගේ.. තුවක්කුවේ මිල ගැන ප්රශ්නයක් නැහැ. මට 1967 දී තුවක්කු බලපත්රය ලැබුණේ දෙපාර්තමේන්තුව මගින් යැවූ ලිපියට.., නමුත් තුවක්කුවක් නියමිත වෙලාවට ගන්න බැරි අය නිසා බලපත්රය අහෝසි වුණා...