(වයි .ඒ.එස් .විරවංශ )

මෙතෙක් බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ විපක්ෂය සමඟ එක්වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති නිහාල් විජයනාන්ද මහතා ඇතුළු මන්ත්‍රීවරු තිදෙනා අද(20) ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ.

සභාපතිවරයා  ඇතුලු බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ගණන 35 කි. පසුගිය මැතිවරණයෙන් බලංගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 17 ක් හිමිවු අතර එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර  11 ක් හිමිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ධූර  4 ක්ද ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණට මන්ත්‍රී ධූර  2 ක්ද ජනතා විමුක්ති පෙරමුණට 1 ක් මන්ත්‍රී ධුරයක්ද හිමිවිය. ඒ අනුව විපක්ෂයේ මන්ත්‍රීවරු ගණන 18 ක් විය.

පසුව සහාපති  උප සහාපති  තෝරා ගැනීමේ ජන්ද විමසීමේදි සහාපති  එම්.එම් .සුනිල් ප්‍රේමසිරි මහතාට ඡන්ද  17 ක්ද උප සහාපති  නිහාල් විජයානන්ද මහතාට ඡන්ද  17 ක්ද වශයෙන්  ලැබිණි. ජනතා විමුක්ති පෙරමු⁣ණෙ මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

අද(20) පැවති මාසික සහාවාරයේදි විශේෂ  ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වු ශාමන්ත අබේරත්න මහතා කියාසිටියේ පක්ෂය ගත් තීරණයක් අනුව උප සභාපතිවරයා ඇතැලු මන්ත්‍රීවරු තිදෙනා ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බවය. ඒ අනුව ඔවුන්ට ආණ්ඩු පක්ෂයේ ආසන වෙන්කර දෙන ලෙසට ඉල්ලා සිටියේය.

පසුව සභාපතිවරයා විසින් සභාව කාරක සහාවක් බවට පත්කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සිව්දෙනාට ආණ්ඩු පක්ෂයේ අසුන්  පැනවීමට කටයුතු කළේය.

ඒ අනුව බලංගොඩ ප්‍රාදේශීය සහාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගණන  21 කි. විපක්ෂයට මන්ත්‍රීවරු  14 කි.