බ්‍රසල්ස් - (ඒ.එෆ්.පී.)
බෙල්ජියමේ පුරවැසියන්ට නිවාසවලට වී රැඳී සිටින්නැයිද, පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා සීමා කරන්නැයිද පවසමින් බෙල්ජියමට ඇතුළුවීම සහ පිටවීම වළක්වා, හුදකලා රටක් බවට පත්කිරීමට තීරණය කරමින් බෙල්ජියමේ අගමැතිවි සොෆී විලියම්ස් මහත්මිය නිවේදනය කළාය. මෙම තීරණය අද (18 වැනිදා) දහවල් සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ඒ අනුව, අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල් වසා දමනු ඇති අතර, මිනිසුන්ට නිවාසවල සිට සේවය කරන ලෙස දැනුම් දෙනු ඇත. සුපිරි වෙළඳසැල් පවා පාරිභෝගිකයන් සීමා කිරීමට පියවර ගෙන ඇත.
මෙම තත්ත්වය ඊයේ දිනයේදී ප්‍රංශය විසින් අනුගමනය කරන ලද ක්‍රියාවලියට බෙහෙවින් සමාන වන නමුත් කිසියම් ආකාරයක ළිහිල් බවක් තිබේ. තම තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා සුපිරි වෙළෙඳ සැල් වලට සහ බැංකු වෙතටත්, තැපැල් කාර්යාල සහ පොත් සාප්පු වෙත යාමටත් නිදහස බෙල්ජියම් වැසියන්ට තිබේ.
එසේ වුවද කාර්යාලවල සේවය කරන සීමිත පිරිසට සමීප ගනුදෙනු නොතබාගන්නා ලෙසද දැනුම් දී තිබේ.
අද දහවල් වන විට බෙල්ජියමේ පුද්ගලයන් 1486 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, 10දෙනෙකු මිය ගොසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෙල්ජියමට ඇතුළුවීම-පිටවීම තහනම් කරයි