සම්පත් ප්‍රියනන්දන
පාර්ලිමේන්තුවට ඇතුළු විමේ බලපත්‍ර සහ ජිව උණ්ඩ සමඟ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 27 හැවිරිදි තරුණයා රඳවාගෙන ප්‍රශ්න කිරිම සඳහා බලන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද (25) බලන්ගොඩ පොලිසිය වෙත අවසර ලබා දුන්නේය.
සැකකරු බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිපත් කිරිමෙන් පසුව රඳවාගෙන ප්‍රශ්න කිරිම සදහා පොලිසිය විසින් අධිකරනයෙන් කල ඉල්ලීමක් අනුව එලෙස අවසර ලබා දිම සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු ප්‍රවේශපත්‍ර නිකුත්කරලා තියෙන්නේ කාගේ උදව් ඇතිවද කියලා රටට හෙළිකරන්න.
අනේ. අත්හැරලා දාන්න. පවු අහින්සකයා.....
නියම වැඩක්......