
(වයි.ඒ.එස්.වීරවංශ)
බලංගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි අංක 01 රා තැබෑරුම 2026 වර්ෂය සදහා රුපියල් තුන් කෝටි හැත්ත හතර ලක්ෂ හැට හතර දහසකට අද (12) දින ටෙන්ඩර් වු බව බලංගොඩ වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ගයානි රේණුකා මහත්මිය පැවැසුවාය.
එය රජයේ තක්සේරු මුදලට වඩා රුපියල් ලක්ෂ එක සිය පනහකින් පමණ වැඩි වීමකි.
රා තැබෑරුම ලබා ගැනීම වෙනුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු ලංසු ඉදිරිපත් කර තිබුණු අතර වැඩිම ලංසුව ඉදිරිපත් කල පුද්ගලයාට 2026 වර්ෂය සදහා රා තැබෑරුම ලබා දීම සිදුවිය .
ඒ අනුව ටෙන්ඩර් කරු එක් දිනකට රජයට රුපියල් එක් ලක්ෂ දෙදෙහස් හයසිය හතලිස් එකක් ගෙවිය යුතු වේ.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බලංගොඩ රා තැබෑරුම කෝටි තුනකට ටෙන්ඩර් වෙයි
සමන් - ඕමානය Friday, 12 September 2025 07:44 PM
දෙයි හාමුදුරුවනේ! එක දවසට ගෙවීම රුපියල් එක ලක්ෂ දෙදාස් ගණනක්! ඒ කියන්නේ ආදායම කීයක් වෙන්න ඕනෑද? බලන්ගොඩ ඉන්න මිනිස්සු මේ තරම් රා බොනවාද?
මංබයියාFriday, 12 September 2025 10:13 PM
ඉස්සර නම් ලංසුව ලක්ෂ 50, කෝටියක් විතර පළාතේ දේශපාලන ප්‍රබලයාටයි, ගෝලයින්ටයි. මේ ක්‍රමේ හරියන්නෑ...
Nihal Friday, 12 September 2025 11:09 PM
කෘතිම රානේ....
Samare Saturday, 13 September 2025 04:04 AM
ගොඩක් තැන්වල ඔහොම තමයි. හොඳ නරක පැත්තක තියලා සල්ලි විතරක් හොයන්න ක්‍රමයක්. බොන මිනිස්සුත් දැනගන්න ඕනේ අනුන්ට සල්ලි පූජා කරලා තමුනුත් දුප්පත් වෙලා යන්න හොඳම ක්‍රමයක් බව...
Nandalal DE SILVA - France Friday, 12 September 2025 10:04 PM
පව් නැද්ද අනේ, පළාතේ ඉන්න බේබද්දන්ගෙන් මෙහෙම බදු ගහන්න? රජය නිකන් ඉදලා සූර් වෙනවා... මාරයි නේ...
ranjith Saturday, 13 September 2025 06:14 AM
අහිංසක මිනිස්සුන්ට රා පොවලා මෙහෙම මුදල් එකතු කරලා වැඩක් තියේද?
ගුණරත්නSaturday, 13 September 2025 04:54 PM
ඔන්න ඔය බූරු මැන්ටලිටි එක තමයි මේ රට කෑවේ, පොහොසත් වෙන එක පාපයක්, මත්පැන් විකුණන එක පාපයක්. එත් හිඟමන් යදින එක නම්බුයි. මොන රෙද්දක්ද? ඔය විකාර අදහස් අතැරලා හොඳට මුදල් හොයන්න. මේ එකක්වත් නීති විරෝධී වැඩ නොවෙයි. මත් පැන් බොන එක නරක පුරුද්දක් වෙන්නේ සීමාව නොදැන අනුන්ට කරදරයක් වෙන තැන. උදාහරණ ඕනෑතරම් තියෙනවා. ඔය හණමිටි තාලේ විදියට හිතුවොත් බෙහෙත් වෙළඳාම කරන්නත් බැහැ...
අනේසිරි Saturday, 13 September 2025 12:45 PM
දැන්ම කිතුල් පැල ටිකක් හදන්න ඕනේ....