( චන්ද්‍රසේන ගමගේ)
කලින් ආසන වෙන් කිරීමකින් තොරව රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට දුම්රියේ ගමන් කිරීමට දුන් අවසරයත් සමග බෙලිඅත්ත දුමිරිය ස්ථානයට අද (18) අලුයම 200 ක පමණ පිරිසක් පැමිණි අතර ඔවුන් සියළු දෙනාටම දුම්රියේ ගමන් කිරීමට අද දිනයේදී අවස්ථාව හිමි වූහ.
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට විශේෂ දුම්රියක් අද (18) අලුයම 5.10ට කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණි.එම දුම්රියේ ගමන් කිරීමට පැමිණි මගීන් ගේ සේවා ස්ථානයේ අදාළ ලියකියවිලි හෝ සේවා හැදුනුම් පත පරීක්ෂා කිරීමෙන් අනතුරුව දුම්රිය ප්‍රවේශපත් නිකුත්කළ අතර මගීන් සදහා ආසන වෙන් කීරීමක්ද සිදු කරුණු ලැබීය.
වෙනත් දින වලට වඩා මගීන් සංඛ්‍යාවක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණීම නිසා අද අලුයම 5.10ට පිටත් වීමට තිබූ දුම්රිය කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කරනු ලැබූවේ අලුයම 5.45 ය .
අද දිනයේදී බෙලිඅත්තෙන් පිටත් වූ දුම්රිය කොළඹ කොටුවට ළගා වීම සදහා පැයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බෙලිඅත්තෙන් සියලු මගීන් දුම්රියට
janahitha Monday, 18 May 2020 03:27 AM
දුම්රිය දෙපාර්තුමේන්තුවට මේ කෝච්චි පෙට්ටිවල තීන්ත ටිකක් දැකුම් කළු පාටකින් අලේප කරන්න බැරි කම්මැලි නිලදාරීන් ද ඉන්නේ?
duminda Monday, 18 May 2020 06:00 AM
බෙලිඅත්තෙන් විතරද ? අනිත් දුම්රිය පොළවල් වල රෙජිස්ටර් කරපු අයටත් සල්ලි දීල ටිකට් ගන්න දුන්නේ නෑ....
sunilMonday, 18 May 2020 07:49 AM
එහෙම තමයි.. එක රටක් එක නීතියක්... දකුණ කියන්නෙ වෙනම රටක්ලුනේ.. ඒක හින්ද ඉවසන් ඉන්න..