(යොහාන් භාසුර,ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකට ඇතුළු වී වෙඩි තබා සේවකයන් බියකර රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභර කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මාවනැල්ල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම කොල්ලය සඳහා යොදාගත් ගිනිඅවිය සහ යතුරුපැදිය කිරිඇල්ල ගොරකාඇළ  ප්‍රදේශයේ කළු ගඟට දමා තිබියදි මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් අනෙක් සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

මෙම කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් සිව්දෙනෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් කොල්ලකන ලද රන් පවුම් 32 න් පවුම් 18 ක් ද සොයාගෙන ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)