වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල 40% කින් ඇමෙරිකානු ඩොලර් 11 (ආසන්න වශයෙන් රුපියල් 2,117ක්) දක්වා අද (20) පහත වැටිණි.
අවසන් වරට තෙල් බැරලයක මිල එතරම් පහත වැටුණේ 1998 වසරේදීය.
තෙල් අපනයනය කිරීමේ ප්‍රධාන රටවල් තෙල් අපනයනය සීමා කිරීමත් කොරෝනා වසංගතයේ බලපෑමත් නිසා මේ අයුරින් තෙල් මිල ගණන් පහත වැටී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ මිල ගණන්වලට අනුව අද (20) දහවල් වනවිට තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 11.31ක් ලෙස දැක්විණි.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහල බැස්සට වැඩක් නැහැ දැන් මිල සුත්‍රය නැහැ...
ලෝකයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. ලංකාවේ ජනතාව දේශපාලකයෝ අන්දලා තියෙන්නේ අපූරුවට.
පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්තාවක් මගින් සම්මත කරගන්න ඕනේ
දැන් අර සැමන් පරිප්පු අරගත්ත අයට ඒ සහන දෙනවද දන්නේ නෑ.
කොහෙද?
දීපු සැමන් පරිප්පු සහනය සතොස සේවකයෝ හොරා ගන්නවා , ලෝක වෙළදපලේ තෙල් මිලේ වාසිය ආණ්ඩුව කොල්ල කනවා , අඩු ආදායම් ලාභියකු නොවන මධ්‍යම පාන්තිකයකු නිසා සමෘධිය මට ලැබෙන්නේ නැහැ , ව්‍යපරිකයකු නොවන නිසා ආණ්ඩුව ව්‍යපාරිකයන්ට දීපු සහනය මට නොලැබේ , කොරෝන නිසා මම සේවය කල පුද්ගලික ආයතනය වසා දමා ඇත , එම නිසා මට වැටුප් නොලැබේ , මාර්තු මාසේ බැංකු පොතේ තිබුන සල්ලි වලින් කාල බිල සිටිය, ගිය සතියේ රත්‍රන් බඩු ටික උකස් කලා, ලබන මාසේ මොකද කරන්නේ ?