
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනි නේඩින් ඩොරිස් මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ.
"වයිසරය මට ආසාදනය වී ඇති බව තහවුරු කරගත්තා. එය දැනගත් විගස මම සියලු වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කළා" යැයි ඇය පැවසුවාය.
මේ වනවිට ඇමැතිනිය සිය නිවසට වී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිටින බව පැවසේ.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා සමඟ පසුගිය 8 වැනිදා පැවති ලෝක කාන්තා දිනය සැමරීම සඳහා ඇය සහභාගී වූවාය. කෙසේවෙතත් අගමැති සමඟ ගනුදෙනු කළ පුද්ගලයන් 100කට අධික පිරිසක් මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
බ්‍රිතාන්‍යයේ ඇමැති මණ්ඩලයට වයිසරය ආසාදනය වූ පළමු අවස්ථාව වශයෙන් කොන්සවේටිව් පක්ෂයේ සාමාජිකයකු වන සෞඛ්‍ය ඇමැතිනිය සැලකිය හැකි බව බලධාරීහු සඳහන් කරති.
(ද ගාඩියන් ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියටත් ලොව වසන සියලු මිනිසාටත් සතා සිව්පාවන්ටත් නිරෝගී සුවය ලැබේවා !
කොරෝනා කාරියක් බදා ගත්ත අපේ එක්කෙනාට මොන හෙනයක් වත් නැහැ. ඒකෙත් හැටි.
හැ !! මේ ගොල්ලෝ නේද අපේ රණවිරුවන්ට වසංගතේ (ඩයස්පෝරා) කියන බොරුවලට බෙහෙත් පොවන්න හදන්නේ? තව තව පරිස්සම් වෙන්න අපේ රණවිරුවොනම් ඕනෙම වසන්ගතේකට බෙහෙත් දන්නවා. කැමතිනම් මෙහෙ එන්න බෙහෙත් හා සාත්තු සප්පායම් මෙහෙ නොමිලේ.
කොරෝනා කාරියක් බදා ගත්ත අපේ එක්කෙනාට හැදුනේ නැත්තේ එයා කොරෝන වලට වඩා දරුණු වයිරසයක් නිසා.
තාම අපේ රටට හොඳ කාලේ ඇවිත් නැහැ වගේ.
පැණි වරකා ගහටත් හෙන ගැහුවා.
යුරෝපයේ හැම රටකම වාගේ මැතිඇමැතිවරු ගමන් බිමන් යන්නේ එක්කෝ කුලී රථවලින්, නැත්නම් බසයෙන් හෝ දුම්රියෙන්... අපේ රටේ වගේ ඒ රටවල ඇමතිවරුන්ට විශේෂ අාරක්ෂාවක් හෝ රථ පෙරහැරවල් දෙන්නේ නැහැ. සමහර අවස්ථාවල අගමැතිවරු පවා බයිසිකලයෙන් වැඩට යනු අප දැක තිබෙනවා. ඉතින් එවැනි අයෙකුට රෝගයක් වැළඳීම පුදුමවියයුතු දෙයක් නොවේ...