
(ෂේන් සෙනෙවිරත්න)
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වත්තේ කිතුල්මුල්ල උඩ කොටසේදී එම වත්තේ කම්කරුවන් තිදෙනකුට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් කම්කරුවකු මිය ගොස් දෙදෙනකු බරපතල තුවාල ලබා ඇති බව ගලහා පොලිසිය කියයි.
එසේ මියගොස් අත්තේ ජී.ජී. චන්ද්‍රසේන නමැති 56 හැවිරිදි පුද්ගලයෙකි.
එම කම්කරුවන් තිදෙනා තේවත්තේ වල් බෙහෙත් ගසමින් සිටියදී එක්වරම බඹරුන් ඇවිස්සි ඔවුන්ට ප්‍රහාර එල්ල කොට තිබේ.
බඹර ප්‍රහාරයෙන් සිහි විසඥව සිටි කම්කරුවන් තිදෙනා වහාම ගලහා ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී එක් කම්කරුවකු මිය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd