(ප්‍රසන්න පත්මසිරි)
බිබිල මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ලේ, දැඩි සත්කාර ඒකකයක් ආරම්භ කිරීම සඳහා ගෙනා කෝටි ගණනක වෛද්‍ය උපකරණ වසර 10ක් තිස්සේ රෝහලේ ගබඩා කාමරයක තබා ඇති බව වෛද්‍ය අධිකාරී හර්ෂ දසනායක මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය 2010 වසරේදි මෙම නව වාට්ටු සංකීර්ණ ගොඩනැගිල්ල ඉදි කළ බවද එම වෛද්‍ය උපකරණවල ගුණාත්මක භාවය තහවුරු කරන සහතිකද කල් ඉකුත්ව ඇති බව වෛද්‍යවරයා පැවසීය.
දිනකට බාහිර රෝගීන් දහසකට අධික පිරිසක් පැමිණෙන අතර නේවාසිකව රෝගීන් 150ක් පමණ දෙනා ප්‍රතිකාර ගන්නා බව ද, දැඩි සත්කාර ඒකකයක් නොමැති වීම හේතුවෙන් රෝගීන් බදුල්ල, සිරිගල සහ මහියංගන රෝහල්වලට නිතර මාරු කර යැවීමට සිදුව ඇතැයිද ඔහු කීය.
මූලික රෝහලට වෛද්‍යවරුන් 45 දෙනෙකු අත්යවශ වුවත් දැනට සේවයේ යෙදී සිටින්නේ 33දෙනෙකු බවද, එයිනුත් වෛද්‍යවරියන් සිව්දෙනෙකු ළගදීම ප්‍රසූති නිවාඩු යෑමටත් තවත් වෛද්‍යවරු12 දෙනෙකු ස්ථාන මාරුවීමී ලැබීමටත් නියමිත බවද ඔහු පැවසීය. මේ හේතුවෙන් ලබන පෙබරවාරි මාසය වන විට වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රෝහලවැසීයාමට ඉඩ ඇති බව වෛද්‍යවරයා පැවසීය
රෝහලට සීමා මාසික වෛද්‍යවරුන් 15දෙනෙකු ලැබුණොත් ප්‍රදේශයේ ජනතාවට යම් ප්‍රමාණයකින් හෝ ප්‍රතිකාර කිරීමට හැකි බවද, අඩුපාඩු මධ්‍යයේ වුවද ජනතාවට උපරිම සේවය කරන බවද වෛද්‍ය හර්ෂ දසනායක මහතා පැවසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍ය හර්ෂ දසනායක මහතා, ඔබ මෙතරම් කල් මේ ගැන කතා නොකළේ ඇයි?
අරුමයකි... වසර දහයක් වෙනතුරාවට මේ කියන එකදු වෛද්‍යවරයෙක් මේ පිළිබඳව කතා නොකරේ කිනම් හේතුවක් අරබයාද? වසර දහයක් යනු එම උපකරණ වලින් ප්‍රයෝජන ගත හැකිද යන්නත් ගැටළුවක් නොවේද? 2010 "ඇමතිවරු" කීදෙනෙක් මාරු වුණාද? එ්ත් කාගෙන්වත් මේ සඳහා නිසි වැඩ පිළිවෙලක් වෙලා නැහැ නේද? කෙසේවෙතත් අඩුපාඩු මධ්‍යයේ වුවද රෝගීන්ට සේවය කිරීමට මෙම වෛද්‍යවරයා ඉදිරිපත්වීම අප අගය කරන්නෙමු...
දැන්වත් මේවා හදලා ජනතාවට බාරදෙන්න. ඔය හර්ෂ දසනායකටත් මම දන්න විදිහට රෝහලේ ඉන්න බැහැ... සුදුසුකම් නැහැ...
අහෝ මහජන මුදල්... වගකිව යුත්තෝ බකන් නිලාගෙනද?
මම දන්නා විදියට නම් ICU එක අරින්න බැරිවෙලා තියෙන්නේ ඔය සුදුසුකම් නැති වෛද්‍ය අධිකාරී කියල කියන කෙනා නිසා. දැන් හඳෙ මිනිහා වෙන්න වැරැද්ද පාස් කරනවා. මුලින්ම බිබිල රෝහලට සුදුසුකම් ලත් වෛද්‍ය අධිකාරී කෙනෙක් පත්කරන්න.
අඩුම ගානේ රන්ජා මල්ලියාටවත් කෝල් එකක් දෙන්න තිබුණනේ... ඇයි අවුරුදු 10ක් ගෙදරට නාකි වෙනකම් හිටියේ..?
මේවා මහජනතාවගේ සල්ලි. වගකිවයුත්තෝ අවුරුදු 10 ක් තිස්සේ කරබාගෙන ඉන්න ඇති.
මේ වෛද්‍යය උපකරණ ගෙන්වා අවුරුදු 10 ක් වෙනවා නම් එයින් පෙනී යන්නේ ආණ්ඩු දෙකේම ඇමතිවරු වැඩකරන්නේ එකම න්‍යාය පත්රයකට අනූව බවයි. ඒ කියන්නේ ජනතාව කියන්නේ පොහොට්ටුව වුනත් යූ.එන්.පී උනත් දෙකම එකයි කියායි.
මේ සුදුසුකම් නැති වෛද්‍ය අධිකාරිවරයගේ ක්‍රියාකලාපය නිසා වෛද්‍යවරුන් රෝහලට ස්ථාන මාරු පැමිණීමට අකමැත්තක් දක්වන අතර පැමිණෙන වෛද්‍යවරුන් ඉල්ලා අස්වී ගිය අවස්ථා පසුගිය වසර තුළ කීපයක් සිදුවිය.