(පාලිත ආරියවංශ)
අන්තර් ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ දී රටවල් 162 ක් අභිබවා රන් පදක්කම දිනා ගැනීමට බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රෙහාන් ආදිත්‍ය වීරකෝන් සිසුවා සමත්ව තිබේ.
ජපානයේ ටෝකියෝ නුවර පැවැති අන්තර් ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ ප්‍රාථමික 6 කාණ්ඩයේ තරගයෙන් ආදිත්‍ය ජයග්‍රහණය හිමිකරගෙන ඇත.
මෙම තරගාවලියේ දී ලකුණු 180න් ලකුණූ 144 ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
එම තරගාවලියේ දෙවැනි ස්ථානය ඉන්දියාව දිනාගත්තේය. ඉන්දීය සිසුවා ලකුණු 132 ක් හිමිකර ගත්තේය.
මෙම තරගාවලියට එම කාණ්ඩයෙන් තරග වැදුණූ ලාබාලම ශිෂ්‍යයා ආදිත්‍ය වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාට සුබ අනාගතයක් වේවා...
ආදර පුතේ ඔබට සුබපැතුම්... ජයවේවා...!!! ඉදිරියටම යන්න. මනසින් අනාගතය දකින්න.. මනස දියුණු වේවා. ඔබට සම්මා සම්බුදු සරණයි..!!!
මගේ විදුහලට ගෞරවයක් ගෙන ආ.. මාගේ මව්බිමට අභිමානයක් ගෙන ආ.. පුතුනි ඔබට සුබපැතුම්...
සුබ අනාගතයක් පුතා...! රටට ආඩම්බරයක් ඔයා
උණුසුම් සුබ පැතුම් !
සුබපැතුම් පුතා ඔයාගේ හපන්කමට. ලංකාවට නම්බුවක් ගෙනත් දුන් දරුවට ගුරු හරුකම් කළ ගුරුවරුන්ට සමග දෙමව්පියන්ට තුනුරුවන් සරණයි !
ලක් මවගේ සැබෑ පුතෙකු වන ඔබට උණුසුම් සුබ පැතුම් ! ජීවිතය ජයගෙන ඔබේ කීර්තියත් ලක් මවගේ කීර්තියත් ලොව පුරා පතුරුවා හරින්නට ඔබට ශක්තිය ලැබේවා !
නියමයි පුතේ. අනාගතය සුබයි...!!!
සියුම් සතුටක් දැනෙන්නේ මාත් ඉගෙන ගත් පාසලේ පුතෙකුගේ හපන්කම ගැන. පුතේ ඔබට සුබ අනාගතයක්...!!!
ආදර පුතේ ඔබට සුබපැතුම්... ජයවේවා...!!! ඉදිරියටම යන්න. මනසින් අනාගතය දකින්න. මනස දියුණු වේවා. ජීවිතය ජයගෙන ඔබේ කීර්තියත් ලක්මවගේ කීර්තියත් ලොව පුරා පතුරුවා හරින්නට ඔබට ශක්තිය ලැබේවා ඔබට සම්මා සම්බුදු සරණයි..!!!
සුභ පැතුම් පුතා !
අපේ රටටත්, ජාතියටත්. ලොකු ගෞරවයක්.
උණුසුම් සුබපැතුම් පුතා ! ඔබේ ගමන සාර්ථක වේවා !
ආදර පුතේ ඔබට සුබපැතුම්... ජයවේවා...!!! ඉදිරියටම යන්න.
සුබ පැතුම් පුතා...
උණුසුම් සුබපැතුම් පුතුනි, පසුගියදා චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කළා. මේවා අර ඇලෙන් වෙන් වෙලා ඉන්න කතා කරන පැත්තේ වුණා නම් කනක් ඇහිලා ඉන්නේ නැහැ.
සුබ පැතුම් පුතේ ඔබට... මෙදාපාර උසස්පෙළින් වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වරම් ලබලා තියෙන්නෙත් මේ පාසල නේද?