
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල අකුරේගොඩ ප්‍රදේශයේ දී (13) දා සවස 5.00ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.
අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට ආසන්නයේ පිහිටි සුපිරි වැළඳ සැලක් ඉදිරිපිට දී මෙම වෙඩිතැබීම සිදුව තිබේ.
මෝටර් රථයක ඉදිරිපස ගමන් කරමින් සිටි රියැදුරුට සහ තවත් පුද්ගලයකුට මෙසේ වෙඩි තබා ඇති අතර වෙඩි වැදීමෙන් මෝටර් රථය තුළදීම දෙදෙනා මියගොස් තිබූ බව පොලිසිය කියයි.
වෙඩිතැබීමෙන් පසුව වෙඩික්කරුවන් සිල්වර් පැහැති Blue Bird වර්ගයේ මෝටර් රථයකින් පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
තලංගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකු මහත්තයා මොකක්ද දන්නේ නෑ නේ කියන්නේ?