
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට මීට දින තුනකට පෙර ගල්පර්වත කඩා වැටී අවහිර වූ දුම්රිය මාර්ගය යළි යථා තත්වයට පත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම කඩා වැටුණු ගල්පර්වත අතර දුම්රිය එන්ජිම සිරවී අවහිර විය.
ඒ අනුව දුම්රිය මාර්ගය දින තුනකට පසුව අද(21) පස්වරුවේ යලි යථා තත්ත්වයට පත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
මේ අනුව බදුල්ල කොළඹ කොටුව අතර රාත්‍රි තැපැල් දුම්රියන් ඇතුලු සෙසු දුම්රියන් අද (21) රාත්‍රි සිට සාමාන්‍ය පරදි ධාවනය වන බවද දුම්රිය බළධාරිහු කීහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd