( +++ මහින්ද නිශ්ශංක)
රජයේ බදු සහන වාසිය ජනතාවට ලබාදෙමින් දැනට වෙළෙඳපොළේ විවිධ භාණ්ඩ වර්ග 15,000කට අධික ප්‍රමාණයක මිල අඩුකර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන 80කට වැඩි ප්‍රමාණයකින් සිදුකර තිබෙන මෙම භාණ්ඩ මිල අඩුකිරීම පිළිබඳව එම සමාගම් සහ ආයතන ලිඛිතව අධිකාරියට දැනුම්දී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුෂ මහතා පැවසීය.
මේ අනුව සියයට 6ත් 8ත් අතර ප්‍රමාණයකින් භාණ්ඩ මිල අඩුකර ඇති බව පවසන ඔහු, මිල අඩුකර තිබෙන භාණ්ඩ වර්ග හා අඩුකළ මිල ගණන් පුවත්පත් දන්වීම් මගින් හා සිල්ලර වෙළෙඳසල්වල ප්‍රදර්ශනය කිරීම මගින් ජනතාවට දැනගැනීමට සලස්වන ලෙස ද අදාළ සමාගම් හා ආයතනවලට දැනුම්දී ඇති බව ද කීය.
රජයේ බදු සහනයට අනුව මිල අඩුකර තිබෙන භාණ්ඩ අතර, ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ, රස කැවිලි වර්ග, සිසිල් බීම වර්ග, ජෑම්, කෝඩියල්, බිස්කට්, චොකලට්, සබන්, ෆවුඩර්, ෂැම්පු, ළදරු නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය යනාදීය ද වෙතැයි පැවසූ අධ්යක්ෂ ජනරාල් ෆවුෂ මහතා, කිරිපිටි හා සිමෙන්ති මිල කලින්ම අඩුකළ බව ද පැවසීය.
ඉකුත් දෙසැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය වැට් බද්ද සියයට 15 සිට 8 දක්වා අඩුකිරීම හා සියයට 2ක්ව පැවති ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරීමේ වාසිය භාණ්ඩ මිල අඩුකිරීම තුළින් ජනතාවට ලැබෙනවාද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා අධිකාරියේ විමර්ශන නිලධාරීන් වෙළෙඳපොළ නිරීක්ෂණයක යෙදෙන බව ද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට බදු අඩු කළේ. නොකළා නම් කොහොම හිටීවිද? තවත් බදු අඩු කළා නම් අපිට මොනවයින් මොනවා වේවිද මන්දා...... පුදුම ආර්ථික විජ්ජාවක් දැන් තියෙන්නේ.
ඔව් ඔව්. ජීවන වියදම දැන් බැහැලා තමයි තියෙන්නේ.
මිල හරි. කිලෝ එකක් ගත්ත මම ගන්නේ කිලෝ බාගයයි.
රජයක් මගින් ගන්නා වූ සෑම තීරණයකටම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි නේද? උපයන විට ගෙවීමේ බදු අඩු කළා කිව්වාට තවම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන නැහැ නේද? ඒ වාගේම මේ කියන වැට් බද්දත්, ජාතිය ගොඩ නැගීමේ බද්දත් අඩු කළා කියලා කඩවල්වල බඩු මිල පහත වැටුණාද කියලා හොයා බලන්න පෙර රටේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තානම් හොඳයි නේද?
කාටද මේ විහිළු කරන්නේ... මහජනතාවටද? ඔය අඩු කළ බඩුවල නම් ටික දාන්නකෝ මාධ්‍යවල අපිට බලන්න. හැබැයි ඒ එක්කම ඒ අඩු මිලට භාණ්ඩ ගන්න තියෙන තැනුත් නම් කරන්න. චීනයට හරි ගිහින් අපි අරන් එන්නම්....
මොනවා වුනත් අපි එදිනෙදා කන බොන කිසිම දෙයක මිල අඩු වෙලා නැහැ. ඉතින් මේ විජ්ජා කාට කියන්නද?
මොනවා කලත් ඇදේට පෙනෙන අයට මොනවා කලත් වැඩක් නැහැ.
"මොනවා කළත් ඇදේට පෙනෙන අයට මොනවා කළත් වැඩක් නැහැ." විපුල මහත්තයෝ හැමදේම ඇදේට පේන්නේ යමක් දිහා, පුද්ගලයෙකුගේ ඇස්දෙක දිහා කෙලින් බලා කතා කරන්න බැරි වපර ඇසින් බලන, නැතිනම් අහක බලන් කතාකරන ගොබ්බයින්ට...