
(රංජන් කස්තුරි)
මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 31661ක බදු මුදලක් රැස්කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
ඉකුත් 2022 වසරේ පළමු කාර්තුවේදී රැස්කර ඇත්තේ රුපියල් කෝටි 14656ක බදු මුදලක් පමණකැයිද එම දෙපාර්තුමේන්තුව කියයි.
රජයේ බදු ප්‍රතිපත්තිය සහ බදු පරිපාලනේ කාර්යකෂමතාවය හේතුවෙන් එම බදු මුදල රැස්කර ගත් බවද දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට සල්ලි නෑ කියන්නේ බොරු නේ... මිනිස්සුන්ගේ බොටුව මිරිකලා අරන් දැන් කියනවා කාර්යක්ෂමතාවයලු...
මිනිස්සුන්ගෙ පඩියට බදු ගහල සාප වෙනව මුන්ට.. එකද කර්යක්ශමයි කියන්නෙ..
බදු ආදායම දෙගුණයක් උනානම් චන්දේ තියන්නකො ...
මගෙන් ගිය අවුරුද්දේ ගත්ත මාසික බදු සාමාන්‍ය අගය වගේ 10 ගුණයක් මේ අවුරුද්දේ ගන්නවා. හුඟාක් ඉන්නේ අලුත්ම අය.ඒගොල්ලෝනගෙ බදු ගෙවීම ගුණයක් කියන්නත් බෑ. එතකොට මුලු බදු ආදායම දෙගුණයකින් වැඩි වෙලා කියන්නේ කාර්යක්ෂමතාව වැඩි වෙලා කියන එකද එහෙම නම් ඒ කවුරු ගැනද?
කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාදැයි කරුණාකර අපට දන්වන්න. බදු සහ කාර්යක්ෂමතාව වැඩි වීම නිසා ආදායම් වැඩිවීම වෙන වෙනම ගණනය කරන්න.
එහෙනම් අතිකාල දීමනා බෝනස් නහුතෙට දේවී නේද? මැති ඇමති, මන්ත්‍රී ලට හිටු කියලා වාහන ගෙන ඒවි, සරත් පොන්සේකා වගේ හාදයෝ කොන්දේ අමාරු අහාදනීවී ඉස්තරම්ම වාහන ගෙන්වන්න. කාලකන්නි! සමහර මණ්ඩල ජනතාවට සපයන සේවා අලුත්වැඩියා කිරීම් මහජනයාට කෙරෙන් සැපයුම් වල අලුත් වැඩියාවන් කරන්නේ සෙනසුරාදා ඉරිදා දවස් වල. මොකද OT එක ගහගන්න. .