(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙල ළමා නිවාසයක අවුරුදු පහට  අඩු කුඩා දරුවන් 27 දෙනකු ඇතුළු 32 කට  කෝවිඩ් 19 ආසාදිත වී ඇති බව අද (07) දින  තහවුරු විණැයි බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.  එම්. ඒ. ආර්. දිසානායක  මහතා පැවසීය.

මෙම ළමා නිවාසයේ දූ දරුවන් රැකබලා ගැනීමට සිටින නිවාස මාතාවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දූ දරුවන් 52 ක්  සම්බන්ධයෙන් කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මෙසේ තිස් දෙදෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයින්    බවට තහවුරු වී තිබේ.

ආසාදිත 32 දෙදෙනා ළමා නිවාසයේම වෛද්‍ය අධීක්ෂණ  හා උපදෙස් යටතේ ස්වයං නිරෝධායනය ලක් කර තිබේ. 

මෙම ළමා නිවාසය පරිවාස භාරයේ සිටින අවුරුදු පහට අඩු දරුවන් සිටින බැවින් විශේෂ අවධානය යොමු කළ යුතු ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවද බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එම්  ඒ ආර් දිසානායක මහතා වැඩිදුරටත්  පැවසීය.