
(චන්දනි දිසානායක)
පෞද්ගලික අවශ්‍යතා මත පන්සල් හා දහම් පාසල් ඉදිකිරිමට අවසර නොදිමට කුරුණෑගල දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල සභාපති තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි, ලේඛකාධිකාරී වඩුගෙදර සාරානන්ද නා හිමි සහ දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැති අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
වර්තමානයේ සමාජයේ යම් යම් ගැටුම් නිර්මාණය කිරීමට හේතුවන ආකාරයට අලුතෙන් විහාරස්ථානයක් හෝ අලුතෙන් දහම් පාසලක් ඉදි නොකිරීමට කිසිසේත්ම කටයුතු නොකළ යුතු බවට යෝජනා වූ අතර දිස්ත්‍රික් සාසනාරක්ෂක බල මණ්ඩලයේ කමිටු රැස්වීමට ඉදිරිපත් වූ යෝජනා අතර මෙම යෝජනාව ලේකම් සහ සභාපති ස්වාමීන් වහන්සේලා සමඟ දිස්ත්‍රික්කයේ සමායෝජක නිලධාරීන් ඒකමතිකව අනුමත කළහ .
අඑක් එක් දේශපාලකයන් විහාරස්ථානවලට සහ සංඝයා වහන්සේලාට චෝදනා කරමින් විවේචනය කිරීම සම්බන්ධව ද අවධානයට ලක් කළ අතර , වර්තමාන රජයේ මැදිහත් වීමෙන් සමාජය තුළ බෞද්ධ ප්රබෝධයට තුඩු දෙන ආකාරයට යම් යම් තීරණය ගැනීම සඳහා යොමුවෙන්නැයි යන ලෙස ද ඉල්ලීම් කළ යුතු බවට ද මෙහි දී එකඟතාවයකට ආහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජක පක්ෂය ලෝකෝත්තර ජීවිතේ ගෙවන්න. සාමාන්‍ය මිනිස්සුන්ට ලෞකික ජීවිතේ ගෙවන්න ඉඩදීලා. ආගම කියන්නේ ජීවිතේ එකම දේ නොවෙයි. ලංකාවේ සමාජයේ ආගම්වලට අසාමාන්‍ය අසාධාරණ බලයක් තියෙනවා.
දැන් නිකායක ලියාපදිංචිය නැත්නම් නිවන් අවබෝධ කරගන්න බෑ. රජයේ අවසරය නැත්නම් මහණවුනාට අයිඩෙන්ටි කාඩ් එක නෑ.
හරිම කනගාටුයි. ඇයි මේ හමුදුරුවෝ ඔක්කොම එකතු වෙලා එකතීරනයකට එන්නේ නැත්තේ? කුරුණෑගලට විතරක් නෙවෙයි, මුළු ලංකාවටම එකනීතියක් හදාන්න. පාරවල් අයින් තියෙන හැම “KAAKA BODHIYAK“ අස්සෙම පන්සල් අටවන්න දෙන්න එපා.
හාමුදුරුවනේ , සමහරු හිතුණු හිතුණු තැන්වල යෝග්‍යතාව නොසලකා බුදු පිළිමයක් ගෙනත් දානවා. අයිනෙන් සල්ලි දාන්ත පින් කැටයකුත් දානවා. ඒ මොකටද සල්ලි කොච්චර ගරා ගන්න. බුදුදහමට තියෙන ආදරයට එහෙම නෙමෙයි, තම සාක්කුව පුරවා ගන්න.
ගම්බද පන්සල්වල දායකයන්ට දරන්න බැරි වියදම් බලෙන්ම පටවල මාලිගා වගේ ආවාස ගෙවල් ධර්ම ශාලා හදන එකටත් සීමා පනවන්න බැරිද?
මෙය සියලු ආගම්වලට බලපා පැවැත්විය යුතුයි. ඔය වගේම තමයි පල්ලි හදන්නෙත්
අසපු (පුද්ගලික) සමාගමක් වත් අරින්න බැරිද…? ඉතිං නිවන් යන්නේ කොහොමද….?