
(රන්ජන් කටුගම්පොළ)
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්යක්ෂ ධුරයෙන් ඉවත් කළ ප්‍රභාත් මලවිආරච්චි මහතා පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම අධිකාරියේ අතිරේක කළමණාකරණ අධ්යක්ෂ (මෙහෙයුම්) තනතුරේ පිහිටුවීම පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාදීකරණයට අද දැනුම් දුන්නේය.
තමන් වරාය අධිකාරියේ කළමනාකරණ අධ්යක්ෂ තනතුරින් ඉවත් කොට ඊට ඝනක හේමචන්ද්‍ර මහතා පත්කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු කළමනාකරණ අධ්යක්ෂ ප්‍රභාත් මළවිගේ මහතා ගොනු කළ පෙත්සමක් අභියාචනාදීකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා මෙසේ දැනුම් දුන්නේය.
ඊට අදාල එකඟතා හා කොන්දේසි ඇතුළත් කරුණු මෝෂමක් මාර්ගයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් සේවයට වර්තා කිරීමෙන් පසුව සිය සේවාදායකයා හිරිහැරයන්ට භාජනය වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd