
(අංජුල මහික වීරරත්න)
ප්‍රජා ශක්ති වැඩසටහන, ජනතාවාදී පාලනයක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්වන මූලික අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ප්‍රදේශයට ආවේණික ආර්ථික රටාව හදුනාගෙන ගම සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවද අමාත්‍යවරිය කීවාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ "ගම් දහසක වැඩ දහසක්" ව්‍යාපෘතියේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනට සහභාගී වෙමිනි.
නාම්පමුණුව වසමේ ප්‍රජා ශක්ති සංවර්ධන සභාවේ පුරන් කුඹුරු අස්වැදීමේ ව්‍යාපෘතිය මේ අනුව සිදු කෙරිණි.
ග්‍රාමීය සංවර්ධනය හරහා රටේ සංවර්ධනයට ප්‍රජාව සහභාගී කර ගැනීම වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධනය, සමාජ ආරක්ෂණ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd