(අංජුල මහික වීරරත්න)
එකම පළිබෝධ නාශකය විවිධ නම්වලින් අධික මිලකට අලෙවි කිරීම වහාම නියාමනය කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධයෙන් නොරොච්චෝලේ සහ කල්පිටිය ප්‍රදේශයේ ගොවි සංවිධාන කළ පැමිණිල්ලකට අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා මේ දැනුම් දීම කළේය.
පළිබෝධ නාශක නම් කිරීමේ දී වල් නාශක හා කෘමිනාශක වල ඇතුලත් වන නාමයෙහි සියයට 75ක් එහි අඩංගු රසායනික නාමය ඇතුලත් වන සේ නාමකරණය කළ යුතුව තිබෙන නමුත් ඇතැම් ප්‍රදේශවල අලෙවි කරන පළිබෝධ නාශක වල එම ප්‍රමිතීන් අනුගමනය කර නැති බවත් බොහෝ පළිබෝධ නාශක වගාවන්ට යෙදුවද නිසි ප්‍රතිඵල නොලැබෙන බවත් ගොවීන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුයේ මෙවැනි පළිබෝධ නාශක පිළිබඳව තොරතුරු ලද වහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයට ලබා දෙන ලෙසත්, තත්ත්වයෙන් බාල කෘමිනාශක හා වල්නාශක අලෙවි කරන හා බෙදාහරින ආයතන හා පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියත්මක කරන අතර එවැනි සමාගම් අසදු ලෝඛන ගත කිරීමට පියවර ගන්නා බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ කාලෝචිත තීරණයක්...!