
(නිමල් ජයරත්න)
පොලොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපල තුළ විදුලිසර වැදී වන අලියෙකු අද (4) මියගොස් ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව ඒ පිළිබඳ පොළොන්නරුව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත් බව පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක පී.පී.කේ පතිරන මහතා අප කළ විමසීමේදී පැවසීය.
පොළොන්නරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව නගරය මාර්ගයේ බීජ ගොවිපලට අයත් නිල නිවස වටා භූමියට යොදා ඇති අනාරක්ෂිත විදුලි වැටකින් විදුලිය වැදීම හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවට වනජීවිය සැක පළ කරයි.
මෙලෙස විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති වන අලියා අවුරුදු තිස්පහක් පමණ වයසති අලියකු බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන පොළොන්නරුව වනජීවී කාර්‍යාලයේ නිලධාරීන් සඳහන් කරයි.
පොළොන්නරුව වනජීවී නිලධාරීන් සහ පොලිසිය එක්ව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂිකර්ම ඇමැතිත් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නේ නැතිද?
නිල නිවාස වටා? අනාරක්ෂිත විදුලි වැටක්? ගමේ ගොඩේ ඉන්න ගොවි මහත්තුරු කරන වැඩ මේ "උගත්" හා "උසස්" නිලධාරීනුත් දැන් කරනවාද? මෙය නම් ලේසියෙන් ලිස්සා යන්න දෙන හෝ යට ගහන්න ඉඩ දෙන සිද්ධියක් නොවිය යුතුයි. අනෙකුත් යටත් පාඩමක් ලෙස නීතිය උපරිමයෙන් යෙදිය යුතුයි. උපරිම දඬුවම් ලබාදිය යුතුයි. වන ජීවී පිලිබඳ ඇමති තුමා මීට පුගලිකවම අවධානය යොමු කල යුතුයි.
මේක කල උන්ට දැඩි දඬුවම් දෙන්න. රජයේ තැනක මෙහෙම වෙනවා නම් වෙන තැන් ගැන මොන කතාද?