(ඩයනා උදයංගනී)
පළාත් සභා මැතිවරණයක දී ජයගන්නා පක්ෂයට හිමිවන ප්‍රසාද මන්ත්‍රීධූර දෙකක සංඛ්‍යාව නව මැතිවරණ ක්‍රමය යටතේ ඉහළ නැංවීමට යෝජනා වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ අනුව පළාත් සභාවක වැඩිම ඡන්ද ලබාගෙන ජයගන්නා පක්ෂයට පළාත වෙනුවෙන් ලැබෙන ආසන දෙකක සංඛ්‍යාව පළාතට අයත් දිස්ත්‍රික්කයකට ආසන දෙකක් වශයෙන් සංශෝධනය වනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙහිදී දිස්ත්‍රික්ක තුනකින් සමන්විත බස්නාහිර පළාතට ප්‍රසාද මන්ත්‍රීධූර දෙකක් වෙනුවට හයක්, දිස්ත්‍රික්ක දෙකක් ඇති උතුරු මැද පළාත් සභාවට ප්‍රසාද මන්ත්‍රීධූර දෙකක් වෙනුවට හතරක් වශයෙන් වැඩි ප්‍රසාද මන්ත්‍රීධූර සංඛ්‍යාවක් හිමිවනු ඇතැයි ද ඇමති ගම්මන්පිල මහතා සඳහන් කරයි.
එමඟින් ස්ථාවර පළාත් සභාවක් ගොඩනගාගැනීමට හැකිවන බව ද ඇමතිවරයා සඳහන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන යෝජනාවක්ද? ඉන්න හැතිකරේ නඩත්තු කරන්න අපි ගෙවන බදු මදිවෙලා ඉන්නකොට තව බෝනස් කාරයෝත් දාන්න. බයියනි ඔබලාගේ ගෙවල් දොරවල් විකුණලා මේ අයට කන්න බොන්න දෙන්න. අපිට නම් එහෙම රුදාවක් නැහැ. මේ කැබිනට් එකේ මොලේ කළඳක් තියෙන කෙනෙක් වත් නැද්ද ඇත්තටම?
මේකෙන් කියන්නෙ නුඹලාට මොන හෙණය ගැහැව්වොත් අපිට ප්‍රශ්නයක් නෑ. අපේ එකා පෝෂණය කරන එක තමයි වැදගත් කියන එක....
අනේ ඉතින් රටේ දියුණුව කෙසේ වෙතත් පවුල් කීපයක් හරි වැඩිපුර දියුණු වෙයිනේ...
මේ පළාත් සභා මුදල් නාස්ති කරන සුදු අලියෙක්... නිරපරාදේ මහජන මුදල් මේ අයට පඩි ගෙවනවා. මේ පළාත් සභා තියෙන ඒවත් වහාම විසුරුවලා දාන්න.
අපේ බලාපොරොත්තුව වුණේ සම්පූර්ණයෙන්ම ඉවත් කරයි කියලා හෝ තියන ටික අඩුවෙයි කියලා... නමුත් වුනේ රටේ මුදල් කා දමන අවස්ථා වැඩිකළා.