
( රංජිත් රාජපක්ෂ )
දිට්වා සුලි කුණාටුවෙන් පසු පළමු පාසල් වාරය අද ආරම්භ කිරිමත් සමග පාසල් ළමුන් කාර්යාල සේවකයින් ප්‍රවාහනය කිරිම සදහා වටවල සිට නාවලපිටිය දක්වා මගී ප්‍රවාහන දුම්රියක් අද(05) දින සිට ධාවනයට එක් කර තිබුණි.
වටවල දුම්රිය ස්ථානයෙන් අලුයම 5:15ට ගමන් ආරම්භ කරන එම දුම්රිය උදෑසන 6:30ට නාවලපිටිය දුම්රිය ස්ථානයට පැමිණෙන අතර, යළිත් එම දුම්රිය නාවලපිටියෙන් පස්වරු 2:15ට වටවල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන ඇත.
ඉදිරි දිනවලදී එම දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිමට සැලසුම් කර ඇති බවද නාවලිපිටිය දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු කියා සිටියේය.

COMMENTS