(හැටන් රංජිත් රාජපක්ෂ)
පාසල් සිසුවෙක් සහ සිසුවියක් දුම්රියේ ගැටි ජීවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය දෙකින්ද ප්‍රදේශයේ පදිංචි ලලංග හර්ෂ කුමාර සහ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි වික්‍රමගෙදර පියුමි භාග්‍යා නැමති පාසල් සිසුවියයි.
ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා සහ සිසුවිය තවත් පාසල් සිසුවියක් සමග දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදි මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා අද (02) උදැසන 9.30ට පමණ ධාවනය වු විශේෂ දුම්රියේ ගැටි මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර ජයසුන්දර ප්‍රදේශයේදිය.
පාසල් සිසුවෙක් සහ පාසල් සිසුවියන් දෙදෙනෙක් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදි ඉදිරියට ධාවනය වන දුම්රිය දැක මියගිය පාසල් සිසුවාගේ පෙම්වතිය බව පැවසෙන පාසල් සිසුවියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කර අනිත් පාසල් සිසුවියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කිරිමට පාසල් සිසුවා උත්සාහ කිරීමේදී දෙදෙනාම දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසයි.
මෙම තිදෙනාම බාහිර පන්තියට සහභාගි වන බව නිවසට පවසා නිවසෙන් පැමිණ ඇති බවත්, බාහිර පන්තියට නොගොස් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක් වි ඇත.
මියගිය පාසල් සිසුවා සහ අනතුරෙන් දිවිගලවා ගත් පාසල් සිසුවිය දුම්රිය මාර්ගයේ ඉදිරියෙන් ධාවනය කර ඇති අතර ඔහුන් දෙදෙනාගේ පසු පසින් මියගිය පාසල් සිසුවිය දුරකථනයකින් කතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කර ඇති බවයි.
මිය ගිය සිසුවාගේ සහ සිසුවියගේ සිරුර නාවලපිටිය මුලික රොහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොනතරම් කණගාටුදායක සිදුවීමක්ද? ජීවිතේ ලස්සනම කාලේ පාසල් කාලේ මෙසේ ජීවිතෙන් සමුගැනීමට සිදුවන... මේ දරුවන් දෙදෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු. අනතුරින් දිවි බේරාගත් දුවට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු.
රේල්පාර තියෙන්නෙ කෝච්චි යන්න. අනිත් අයට යන්න නෙවෙයි. මේක මෝඩකමට විහින් හොයාගත්ත මරණයක්. මොනවා වුණත් පොඩි අය.. බොහොම දුකයි.
මිය ගිය සිසුවිය ගමන් කර ඇත්තේ ඉදිරියෙන්..
ආදරේ අන්ධයිලු...
හරිම කනගාටුදායක සිද්දියක්
දැන් හදිසි මරණ බොහොමයකට මුල්වෙන්නේ ජංගම දුරකථන. එක්කෝ කනේ ගහගෙන එක්කෝ අතේ තියන් කොටනවා. කෙසේ වෙතත් කණගාටුදායක සිදුවීමක්
සිද්ධිය ගැන ඉතා කණගාටු වෙමි.
අද ලෝකෙයේ වෙන රටවල මිනිසුන් කොපමණ ජංගම දුරකථන භාවිතා කරනවාද. ඒත් මෙවැනි අනතුරු අසන්නට ලැබෙන්නේ කලාතුරකින්. ලංකාවේ මිනිසුන්ට ජංගම දුරකථනය කනේ තබා ගත්තාම තමන් සිටින ස්ථානය, වටපිටාව ගැන සිහිය නැතිව යයි. ඒ අතින් මා සිතන්නේ ලංකාවේ මිනිසුන් තවමත් සිටින්නේ ගල් යුගයේ කියායි.
නිවන් සුව පතමි.
දුම්රිය රියදුරාද මේ අවාසනාවන්ත අනතුරට වක්‍රව හෝ වග කිවයුතු බව මගේ හැඟීමයි. ඔහු නියම අන්දමට දුම්රිය නලාව ක්‍රියාත්මක කරා නම් සමහර විට මේ අනතුර වලක්වා ගැනීමට ඉඩකඩක් තිබෙන්න ඇති. දුම්රියක නලාව "ටුක්-ටුක්" ත්‍රී රෝද රථයක නලාව මෙන් සිය ගුණයක් ශබ්දය විහිදුවන නිසා ජංගම දුරකතනයක් කනේ ගසාගෙන රේල්පාර මැද ඇවිදගෙන යන කෙනෙකුට එය ඇසුනේ නැති බව කිවුවොත් එය මුසාවකි! එහෙමත් නැත්නම් නලාව "කොට උඩ" ගිහින් තිබුනද? කොහොම වුනත් මාර විසේ තිබෙන මේ වයසේ කොල්ලන්ට කෙල්ලන්ට මේ අනතුර පාඩමක් උනොත් රටේ හදිසි මරණ ගණන සීග්‍රයෙන් අඩු වෙන්න පුළුවන්!
සුද්දගේ කාලේ රේල්පාරේ ඇවිදගෙන ගිය කෙනෙකුට දඩ ගහලා හිරේ දැම්මේ හේතුවක් ඇතිවයි. නිදහස ලැබුණට පස්සේ අපේ උදවියට රේල්පාරේ අවිදින්ටත් නිදහස ලැබුණා. ඒ නිදහසේ ප්‍රතිඵල තමා අද අපි භුක්ති විඳින්නේ...