(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර් ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී පාසල් ශිෂ්‍යයන්ට සහ වෙනත් පාර්ශවයන්ට පාර් ලිමේන්තුව නැරඹීමට අවස්ථාව ලබාදීමට පාර් ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13) තීරණය කළේය.
ඒ අනුව පාර් ලිමේන්තුවේ මහජන ගැලරිවලට පැමිණීමටද ඔවුනට එම දිනවලදී අවස්ථාව උදාවනු ඇත.
කොවිඩ් සහ රටේ ආරක්ෂක තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව නැරඹීම කාලයකට පෙර සිට තාවකාලිකව නතර කෙරිණ.
පාර් ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අවධානයට ඊයේ (13) යොමු කළේය.
පාර් ලිමේන්තුව කාරක සභාව ඉහත තීරණය ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසල් සිසුන්ට පාර් ලිමේන්තුවේ දොර ඇරෙයි
මරිසිපාල Thursday, 15 September 2022 05:25 AM
ලංකාව නිදහස ලබා අවුරුදු 75 ක් ගතවෙන විට ලෝකයේ දුප්පත්කමේ අගාධයකට වැටුණු රටක් වුණේ... මෙතෙක් කාලයක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ මොන්ටිසෝරියකට වත් නොගිය පිරිසක් නිසා. ඒක ඉතාමත් හොඳයි..!