IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පාසල් විවෘත කළත් ආපනශාලා විවෘත කරන්න අවසර නැහැ

(විනීතා එම් ගමගේ)

පාසල් විවෘත කිරීමට අවසර ලැබුණත් කිසිදු පාසලක ආපනශාලා දැන්ම විවෘත කිරීමට අවසර ලබා නොදෙන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමට පාසල් හා අධ්‍යාපන ආයතන සූදානම් කිරීම සඳහා වූ චක‍්‍රලේඛය සහ උපදෙස් සංග‍්‍රහයේ සඳහන් වේ.  

රජය විසින් ක‍්‍රියාත්මක කරන පාසල් සිසුන් ස`දහා ආහාර ලබා දීමේ වැඩසටහන ද පාසල් ආරම්භ වූ වහාම ක‍්‍රියාත්මක නොකිරීමට ද එම චක‍්‍රලේඛය මගින් පාසල්වලට උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වෙතත් ආහාර විකිණීම සිදුනොකරන නමුත් සමහර පාසල්හි ආපන ශාලාව ආහාර ගැනීමට යොදා ගන්නා බැවින් එසේ යොදා ගන්නා ආපන ශාලා දිනකට දෙවරක් පිරිසිදු කිරීම හා විෂබීජහරණය කළ යුතු යැයි ද එහි ස`දහන් ව ඇත.

එහි දී පාසල් දරුවන් වැඩියෙන් අල්ලන තැන් සහ මුළු පොළව අත් සෝදන සින්ක් තදින් අතුල්ලමින් පිරිසිදු කළ යුතු අතර ජලය බැසයන ස්ථාන සහ සින්ක් විෂබීජහරණය කරමින් තදින් අතුල්ලමින් පිරිසිදු කළ යුතු බවට ද එහි උපදෙස් දී තිබේ.  

ආපන ශාලා වසා ඇති බැවින් හා පාසලෙන් ආහාර දීමේ වැඩ සටහන් ද ක‍්‍රියාත්මක නොවන බැවින් දරුවන් පාසල් එවද්දී නිවසේ සකස් කෙරෙන සමබල ආහාර වේලක් එවන මෙන් ද එහි දී උපදෙස් දී ඇත.  

එමෙන්ම ප‍්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කළ යුතු බැවින් ජලය ලබාගැනීමට සුදුසු වන පරිදි පුද්ගලිකව බෝතලයක් කෝප්පයක් පැවැතිය යුතු බවත් ඒවා දෛනිකව පිරිසිදු කර එවිය යුතු බවත් එම උපදෙස් සංග‍්‍රහයේ ස`දහන් ව ඇත.

මේ වනවිට මෙම උපදෙස් සහිත චක‍්‍රලේඛය සියලූ පාසල් වෙත ලබාදීමට කටයුතු කර ඇති අතර ගුරුවරු හා කාර්ය මණ්ඩල පැමිණෙන ලබන 29 වැනිදා පාසල් ආරම්භ වනවිට ඒවා ක‍්‍රියාත්මක කිරීමට කටයුතු යෙදිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.



අදහස් (1)

පාසල් විවෘත කළත් ආපනශාලා විවෘත කරන්න අවසර නැහැ

Bamunuarachchi Tuesday, 16 June 2020 06:37 AM

සත 8 කට පාන් කාලක් අරගෙන සත 10 පරිප්පු සමග කාපු කාලේ මතක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14154 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11123 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 196 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site