( තිළිණි ද සිල්වා)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට දඩුවම් දිය යුතු බව තමා අදටත් දරණ ස්ථාවරය බවත්, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කොහේ සිටියත්, කුමන තරාතිරමක වුවත් ඔවුන්ට දඩුවම් දිය යුතු බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඔවුන් අද ආණ්ඩුවේ සිටියත්,විපක්ෂයේ සිටියත්, සන්ධානයේ සිටියත් ඔවුන් කර ඇත්තේ සමාව දිය නොහැකි වරදක් බවත් , ප්‍රහාරයට වගකිව යුතු අය අද සිටින තැන අනුව වරදේ බරපතලකම වෙනස් නොවන බව ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (12) මිනුවන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
" පාස්කු ප්‍රහාරයෙන් පසුව පසුගිය ආණ්ඩුව විසින් පත් කල ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් ප්‍රහාරයට වගකිව යුතු අය, එම ප්‍රහාරයේ වගකීම භාර ගත යුතු අය ගැන සදහන් වෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සේනාධිනායකයා, ආරක්ෂක අමාත්‍යවරයා හැටියට මෙහි වගකීම භාරගත යුතුයි.
දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ තොරතුරු වසන්කර ප්‍රහාරය සිදු වෙන්නට ඉඩ හැරීම අපරාධයක්. ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල ගැටළු, පාර්ලිමේන්තුවේ තමන්ගේම අය සම්බන්ධ කරගෙන සිද්ධිය යට ගැසීමට දරපු උත්සාහය ගැන මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි.
ඒක මම කවදත් ප්‍රසිද්ධියේ කිව්වා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාව කැදවූවත් මගේ ස්ථාවරයේ වෙනසක් නැහැ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව නීතිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි.
මේ සිද්ධියට වගකිව යුතු අය ආණ්ඩුවේ, අපේ පක්ෂයේ, සන්ධානයේ හිටියත් වරද වරදමයි. කාදිනල්තුමා ඇතුළු කිතුනු ආගමික නායකයෝ, කිතුණු ජනතාව වගේම රටේ සමස්ථ ජනතාව යුක්තිය බලාපොරොත්තු වෙනවා.
සිද්ධියට වගකිවයුතු අය අද ආණ්ඩුවට එකතු වෙලා හිටියා කියලා අධිකරණ ක්‍රියාදාමයට අත තියන්න ආණ්ඩුවට බැහැ. අධිකරණය ස්වාධීන ආයතනයක්.රටේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ පහුගිය ආණ්ඩුව වගේ දේශපාලන නායකයෝ දාගෙන දූෂණ විරෝධී කමිටු හදලා, එෆ්.සී.අයි.ඩි හදලා දේශපාලන පලිගැනීම් කරන එක නෙවෙයි.
පාස්කු කොමිෂන් සහා වාර්තාවෙන් නිර්දේශ නිකුත් කරලා තියෙනවා. ඒ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි. අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ තමයි මේ පිළිබඳ පරීක්ෂණ නිවැරදිව ක්‍රියාත්මක කලේ. අදාල අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කළේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විතරක් නෙමෙයි එවකට සිටි අග්‍රාමාත්‍යවරයා, පොලීසිය විෂයභාර ඇමතිවරයා ද මේ සම්බන්ධයෙන් වගකිව යුතු බව මගේ ස්ථාවරයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න රණතුංග මහතා සමග අපට දේශපාලනික වශයෙන් යම් යම් අවස්ථාවලදී ගැටළු තිබුණත්, එතුමාගේ මේ කතාවට අප එකඟයි. පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් හිටපු ජනපති, සේනාධිනායක හා පොලිස් ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල මහතාට අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි. වගකිවයුතු පාර්ශව සැමටද දඬුවම් දිය යුතුයි...
මොනවා වුණත් මේ කිව්වේ ඇත්ත බව හැමදෙනාටම හිතෙන දෙයක්. ඒත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ...
අනේ ඇයි එහෙම කියන්නේ? බලන්නකෝ දැන් ඉන්න හැටි..? කිරි බෝතලේ හරියට කටට ගන්නවත් බැරි ගාණට... කුක්කු ටිකක් බීලා ඉන්න කියන්නකෝ. හා පැටියට වැඩිය අහිංසකයි නේද? දුප්පත්, අහිංසක රටවැසියන්ගේ පූරුවේ කරපු පව...
එකගයි නමුත් මහා මොලකරුත් අල්ලන්න ඕනෑ.
ඔබට පුළුවන් මෛත්‍රිපාල සිරිසේනට විරුද්ධව නඩුවක් පවරන්න කටයුතු කරන්න. ඔබ එහෙම දෙයක් ආරම්භ කළොත්, රට වැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවශ්‍ය නම් ඒකට සහාය දක්වලා පෙත්සමක් අත්සන් කරාවි. නමුත් කණගාටුවට කාරණය ඔබලා සියලු දෙනාම කතා කරනවා පමණි. කරන දෙයක් නොමැත.
දඬුවම් කෙසේවෙතත් බලන්නකෝ එතුමාට ආණඩුව සලකන සැලකිල්ල... ඇමතිකමකුත් දුන්නා, ගෙවල් දෙකක් එකක් කරලා සින්නක්කරේටම දුන්නා. පාර්ලිමේන්තුවේ ඉස්සරහ පේලියේම වාඩි කෙරෙව්වේ. තවතව දේවලුත් දීලයි තියෙන්නේ. මේ ඇමතිතුමා නිකං බයිලා කියනවා. එයාගේ මයිල් ගහකටවත් කාටවත් අත තියන්න බැහැ.
දඬුවම් ලැබිය යුතුය
ඉතා හොඳ යෝජනාවක් නමුත් "මහ මොළකරු" එය ප්‍රතික්ෂේප කරයි!
දේශපාලුවන්ට නම් නීතියෙන් දඬුම් ලැබෙන එකක් නැහැ. මිනීමරුවෝ, දුශිතයෝ අද නිදහසේ සියලු වරප්‍රසාද භුක්ති විඳගෙන ඉන්නවා. ස්වබාවධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා !
දැන් එයාලා ඔයාගේ කප්පම් කතාව ගැන කියාවි. කොහොම හරි මෙයාලා සේරම වැරදි කරලා තියන්නේ. නමුත් ඔවුන්ට දඬුවම් නැහැ. පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන මෙයා කියනවා. නමුත් කාදිනල්තුමා ප්‍රසිද්ධියේ කිව්වේ ජනාධිපති කිව්වයි කියලා, මෙම වාර්තාව ක්‍රියාත්මක කළොත්, එයා අපහසුතාවට පත්වෙනවා කියලා...