(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීමට අරමුදලක් පිහිටුවීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියෝ පැවසූහ.
ඒ වෙනුවෙන් ආධාර ලබාදෙන්නට කැමති අය වෙනුවෙන් විශේෂ ගිණුමක් ආරම්භ කර තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.
එම ගිණුම “කොළඹ අගරදගුරුතුමා” යන නමින් බොරැල්ල කොමර්ෂල් බැංකු ශාඛාවේ ගිණුම් අංක 1190038741 යටතේ ආරම්භ කර ඇති අතර ඊට අදාළ අරමුදල “2019 පාස්කු ඉරු දින ව්‍යවසනයෙන් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනය සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂ අරමුදල” යනුවෙන් නම් කර ඇතැයි කොළඹ අගරදගුරු කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක හොඳයි. මේ මජරා ආණ්ඩුවේ සල්ලි වලින් ඕක හදලා , විපතට පත් අයට සහන දෙනවාට වඩා අපි ලංකාවේ මිනිස්සු එකතුවෙලා මේ දෙය කරමු .
අගය කල යුතු ක්‍රියාවලියකි. මගේ අදහස නම් අපට කරුණු වසන් කල කිසිම කෙනෙකුගෙන් තඹ සතයක් නොගත යුතුය. අපේම අර මුදලින් අපේ දේවස්ථාන ටික ගොඩනගමු. දේශපාලන ඇත ගැසීම් නවත්වගමු. ලොව පුර කිතුනුවන් අපට දෙවියන්ගේ නාමයෙන් උදව් කරයි. වෛරය අපේ සිතින් අහක් කල අපේ අගරදුතුමා ඇතුළු පුජක තුමන්ලාට අපේ ප්‍රණාමය.
හැකි පමණින් කවුරු කවුරුත් සහයෝගය දක්වමු. සියලුම දෙනාටම පින්සිදු වේවා. යහපතක්ම වේවා..!!!
මුළු ලංකාවම ඔබවහන්සේ සමගයි... හැමදෙනාම ඔබට උදව් කරාවි