IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පවුල් හිමිකාරීත්වය සහිත ව්‍යාපාරවල උන්නතියට ලැයිස්තුගත වීමට ආරාධනා

පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් කොටස් හුවමාරුවෙහි ලයිස්තුගත්වීම සඳහා දායක කරගැනීමේ අරමුණෙන් “Founder to Family-Leveraging Going Public” තේමාව යටතේ හමුවක් කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා එක්ව පසුගියදා කොළඹ, ශැන්ග්‍රිලා හෝටලයේ දී පැවැත්වීය. මෙම හමුව පැවැත්වීමේ මූලික අරමුණ වූයේ ව්‍යාපාරයේ පාලනය රඳවා තබා ගනිමින් ලයිස්තුගතවීම හරහා වන ප්‍රතිලාභ අත්පත් කරගන්නා අකාරය සහ ලයිස්තුගතවීම සම්බන්ධයෙන් සමාජයේ වන දුර්මත පිළිබඳ සාකච්ඡා කිරීමයි.

ගෝලීය වශයෙන් සමාගම් ලයිස්තුගත වන්නේ බැංකු ණය පරිමාණය අවම කරගනිමින් අරමුදල් සම්පාදනය විවිධාංගීකරණය කරගැනීමට, වර්ධනය සඳහා අරමුදල් සම්පාදනයට, සමාගමේ උන්නතිය අපේක්ෂා කරන උපායමාර්ගික ආයෝජක ආකර්ෂණයට, සමාගමේ කළමනාකරණය හා සාංගමික යහපාලන ව්‍යුහ ස්ථාපනයට සහ පසුකාලීන සමාගමේ පැවැත්ම තහවුරු කරගැනීම් ආදී විවිධ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහායි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති, ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා මෙසේ පැවසීය. “ අපගේ මූලික එක් අරමුණක් වන්නේ වෙළෙඳපොළෙහි ද්‍රවශීලතාව ඉහළ නැංවීමයි. කොටස් වෙළෙඳපොළෙහි පවතින දුර්මත අතර ප්‍රධාන වන්නේ ලයිස්තුගතවීම ඉතාම අපහසු , කල් ගතවන හා මිල අධික ක්‍රියාකාරකමක් යන්නයි. එහෙත් එය එසේ නොවෙයි. ප්‍රාග්ධන සම්පාදනයට පවතින හොඳම අවස්ථාවලින් එකක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. එනිසාම සියලු‍ම ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුමයි. මේ මොහොතේ රජය පවා ආයෝජක හිතකාමී පරිසරයක් ගොඩනංවා තිබෙනවා. පසුගිය අයවැය යෝජානාවලින් මෙම වසර අග වනතෙක් වන ලයිස්තුගතවීම්වලට බදු සහන පවා දී තිබෙනවා. එම නිසා වෙළෙඳපොළ ප්‍රවේශයකට හොඳම අවස්ථාව මෙයයි.”

කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති දුමිත් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. විශාල සමාගම් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළට අවතීර්ණවෙමින් ප්‍රාග්ධන වර්ධනයට උපකාරී පරිසරයක් මේ හරහා නිර්මාණය කරගැනීම සිත්ගන්නා සුළුයි. කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තු ගතවීම් හරහා විශේෂයෙන්ම පවුල් හිමිකාරීත්වය තිබෙන සමාගම් වලට අත්පත් කරගත හැකි විවිධ ප්‍රතිලාභ, විවධ අකාරයේ මට්ටම්වල වටිනාකම්, පිළිබඳව ආමන්ත්‍රණය කිරීමට මේ සුදුසුම කාලයක්. එමෙන්ම පවුල් හිමිකාරීත්වය දරන සමාගම්වලට මේ හරහා ලබාගත හැකි ප්‍රමුඛතම දෙය වන්නේ පෞද්ගලික සමාගමක් ලෙස සාංගමික යහපාලන මූලධර්ම මත පිහිටා සමාගමේ අනාගත අර්බුධවලට මුහුණ දිය හැකි වටපිටාවක් සකස් කර ගැනීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පවුල් හිමිකාරීත්වය සහිත සමාගම් 70කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මෙම හමුවෙහි දී, මූලික මහජන නිකුතුවක ස්වභාවය හා ව්‍යුහය, මහජන නිකුතුවකට පෙර හා පසු ක්‍රියාවලිය සඳහා සුදානම්වීම, නියාමන ප්‍රතිලාභ හා බදු සහන, අනාගත සහභාගීකරුවන් හා පවුල අතර අවශ්‍යතා තුලනය කරගැනීම ආදී බොහෝ කරුණු සාකච්ඡාවට භාජන විය.

 



අදහස් (0)

පවුල් හිමිකාරීත්වය සහිත ව්‍යාපාරවල උන්නතියට ලැයිස්තුගත වීමට ආරාධනා

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 645 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 115 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 392 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 830 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 485 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 725 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site