IMG-LOGO

පුවක් ගසෙන් මාරයා එයි

(එස් .ඩි .කොඩිකාර )

මොරවක වෙලේවත්ත ,ගොපළුගල ප්‍රදේශයේ අන්සතු ඉඩමක පුවක් කැඩීමට ගිය අයෙකු පුවක් ගසක්  කඩා  බිමට වැටී   ජීවිතක්ෂයට පත්ව ඇතැයි මොරවක පොලිසිය පවසයි .

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙලේවත්ත ,ගොපළුගල ,අලපාලාදෙනිය ,මොරවක ලිපිනයේ පදිංචි (32) හැවිරිදි කංකානම්ගේ චමිල් තාරක නැමැති දෙදරු පියෙකු බව පොලිසිය කියයි .

මොරවක නෙළුව ප්‍රධාන මාර්ගයට යාබදව  පස් කණ්ඩියක් අයිනේ තිබූ පුවක් ගසක පුවක් කැඩීමට පුවක්  ගසට නැඟ ඇති මේ පුද්ගලයා ගසේ මැදට කොටසට යාමේදී ගස කඩා වැටී ඇති අතර ඉන් පසු  මොහු ගසෙන් බිමට පැන ඇති අතර ඉන් පසු ඔහු තුවාල ලබා 1990 සුව සැරිය ගිලන් රථ සේවයෙන්  මොරවක රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු  මිය ගොස් ඇති බව පොලිසිය කියයි .

මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද  (24) මොරවක රජයේ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (0)

පුවක් ගසෙන් මාරයා එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site