(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අලූත්ගම පොලිසිය තුළදී පොලිස් සැරයන්වරයකුගේ අත්වැරදීමකින් ක්‍රියාත්මක වූ පිස්තෝලයකින් වෙඩි වැදුණු යුද හමුදා සෙබළෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව කළුතර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි .
වරෙන්තුවක්, සඳහා අත්අඩංගුවට ගත් හමුදා සෙබළාගේ පියා බැලීම සඳහා ඔහු පැමිණි අවස්ථාවේදී මෙම හදිසි අනතුර සිදු වී ඇත.
රාජකාරීය සඳහා පිටත්ව යාමට සැරෙසෙමින් පොලිස් සැරයන්වරයා පිස්තෝලය පරීක්ෂා කරන අවස්ථාවේදී අත්වැරදීමකින් එය ක්‍රියාත්මක වී ඇති අතර අසළ සිටි යුද හමුදා සෙබළාගේ අතකට වෙඩි වැදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි අවි පුහුණුවක් හරියට කරන්නේ නැති පොලිස් කාරයින් අතට ගිනි අවි දෙන එක වඳුරාට දැලිපිහි දුන්නා වගේ වැඩක්... කරුණාකරලා පොලිසියට එක්කෝ ගිනි අවි පුහුණුව මාසෙකට වරක්වත් දෙන්න. නැතිනම් බැටන් පෙල්ලක් පමණක් දෙන්න.
අපෝ, පොලිස් කාරයෙක්ට හරියට බැටන් පොල්ලවත් උස්ස ගන්න බෑ.. මේ ගොල්ලන්ට පුළුවන් ජරාව කන්නයි, අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරන්නයි විතරයි. ලංකාවේ මිනිස්සු මෙච්චර පොලිසියට වෛර කරන්නේත් ත්‍රිවිධ හමුදාවට ආදරය කරන්නේත් පොලිසියට වඩා හමුදාව මානුෂික නිසායි..
කොකා ගස්සලා බලලද පරීක්ෂා කරන්නේ? අර ආයුධ පෙන්නන්න ගිහිල්ලා... වගේ.
හමුදාව මානුෂිකයි.
ඒ කාලේ පුහුණු වුණාට පස්සේ තුවක්කුවක් අල්ලලා වත් නෑ. ඉතින් කොකා තියෙන්නේ කොහෙද කියලා අතපත ගාලා බලද්දී පත්තු වෙන්න ඇති. හැබැයි ජරාව කන්න නම් හොඳ පුහුණුවක් තියෙනවා. රුපියල් 100ත් ඉල්ලන තැනට වැටිලා...