
(නිමන්ති රණසිංහ)
කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් දෙසැම්බර් මාසයේදී පමණක් පොලිස් නිලධාරීන් 08 දෙනකු මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, කොරෝනා වයිරසය වැළැදීමෙන් මේ වන විට පොලිස් සාමාජිකයන් 56 දෙනකු මියගොස් ඇති අතර, ඉකුත් 2021 වසරේදී පමණක් වයිසරය වැළදීමෙන් මියගිය ගණන 55 දෙනකු වන බවද එම ආරංචි මාර්ග පවසයි.
මෙලෙස මියගිය පොලිස් සාමාජිකයන්ගෙන් බහුතරය කොවිඩි නියුමෝනියා ත්තත්වෙයන් මියගොස් ඇතැයි ද සඳහන් වෙයි.
දෙසැම්බර් මස 01 වැනිදා සිට 31 දින වන විට මියගොස් ඇත්තේ මොණරාගල, බණ්ඩාරවෙල, පොළොන්නරුව, කුරුණෑගල, බදුල්ල, වැල්ලවාය, මාතර, යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන්ය.
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගිය පළමු පොලිස් නිලධාරියා වූයේ මොනරාගල පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂක පී. ජී. අන්දිරිස් අප්පු මහතා වන අතර ඔහු ඉකුත් 2021 පෙබරවාරි මස 6 වැනිදා මරණයට පත්විය.
ඒ අනුව, ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී එක් පොලිස් නිලධාරියකු, මැයි මාසයේදී 06 දෙනකු, ජුනි මාසයේදී 04 දෙනකු, ජුලි මාසයේදී 05 දෙනකු, අගෝස්තු මාසයේදී 11 දෙනකු, සැප්තැම්බර් මාසයේදී 12 දෙනකු, ඔක්තෝම්බර් මාසයේදී 04 දෙනකු සහ නොවැම්බර් මාසයේදී 03 දෙනකු වශයෙන් ඉකුත් 2021 වසරේදී කොරෝනා ආසාදිතව පොලිස් නිලධාරීන් 55 දෙනකු මියගොස් තිබේ.
කොවිඩ් ආසාදිවීමෙන් මේ වසරේදී එනම් පෙරේදා 02 මියගොස් තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකු වූ සමන් වීරසිංහ මහතාය.
කොරෝනා වැළැදීමෙන් මියගිය පොලිස් නිලධාරීන් අතර, සහකාර පොලිස් අධිකාරීවරයකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරුන් දෙදනකු, උප පොලිස් පරීක්ෂකවරු 10 දෙනකු, පොලිස් සැරයන්වරුන් 29 දෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් 13 දෙනකු ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd