(විනීතා එම් ගමගේ)
වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප‍්‍රමාණය 50% කින් අඩු වී ඇතැයි ජාතික ජලජීවී සම්පත් පර්යෙෂණ හා සංවර්ධන අධිකාරිය කළ පර්යේෂණයකින් හෙළි වී ඇත.
දිස්ත‍්‍රික් පහක ස්ථාන කිහිපයක් තෝරාගෙන කළ පර්යෙෂණයකින් මෙම තොරතුරු හෙළි වී යැයි ජාතික ජලජීවී සම්පත් පර්යෙෂණ හා සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා අද (21) පැවැසීය.
කොළඹ, ගම්පහ, කලූතර, මාතර, පුත්තලම හා ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කයන්හි ස්ථාන කිහිපයක් මෙසේ අධ්‍යයනයට ලක්කළ බව ද ප‍්‍රදීප් කුමාර මහතා කීය.
මේ අතර කොළඹ ප‍්‍රදේශයේ ජලයේ ඇති මළ අපද්‍රව්‍යවල පවතින බැක්ටීරියා ප‍්‍රමාණය ජලය මිලිලීටර් 100 ක කොටස් 1800 ක සිට පහක් දක්වා අඩුවී ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම ජලයේ ඇති නයිටේ‍්‍රට් පොස්පේට් ප‍්‍රමාණය මයික්‍රො මවුල .3 ක් ව පැවැතියත් මේ වනවිට .09 දක්වා අඩු වී ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරය තවතවත් රුකේවා... පරිසර දූෂණය නැතිවෙවා...!!!
හරි දේ මොකක්ද කියල දැන්වත් දන්නවානේ.... අදාළ නීතිරීති දාල ක්‍රියාත්මක කරන්න...
නිසිලෙස කළමනාකරණය කරගතහොත් කොරෝනාව ආශිර්වාදයකි.