(යොහාන් භාසුර)
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාගැනීමට 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) පෙරවරුවේ කැඳවීමට නියමිතය.
එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසුවේ සංගක්කාර හෙට පෙරවරු 9.00 ට කැඳවීම සඳහා මේ වන විට ලිපිය සකස් කරමින් සිටින බවයි.
“කුමාර් සංගක්කාර ඒ කණ්ඩායමේ නායකයා නිසා ඔහු විශේෂ පුද්ගලයෙක්. ඒ නිසා සංගක්කාර මහතාත් කැඳවීමට අපි තීරණය කළා” යැයි ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසීය.
එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (01 වැනිදා) පෙරවරුවේ පැය තුනක් ප්‍රකාශයක් ලබාගත්තේය.
පුස්තකාල ඡායාරූපය(ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුට්ටු දෙකේ දේශපාලන වාසි ගන්න.. දේශපාලකයෝ ඡන්දෙ කාලෙට කරන ප්‍රකාශ නිසා මේ ක්‍රීඩකයින්ට කරදර කිරීම වැරැදියි.
මහින්දානන්ද කිව්වේ ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ කියලනේ දෙවෙනි සැරේට ඇහුවාම. ඇයි සුමතිපාලව, අවසන් මහා තරගය බලන්න ගිය මහින්දව ගෙනත් ප්‍රශ්න කරන්නේ නැත්තේ... පිට්ටනිය හදන්න එපා කිව්ව නිසා ඒකේ පලිය තමයි මහින්ද මහත්තයා මේ ගන්නේ... රනිල් එක්කම ගෙදරම අරින්න ඕනෑ.. මහින්ද මහත්තයාවත්... නැත්නම් මේ රට හදනවා බොරු...
මෙහෙමත් රටක්... රටක කීර්ති නම ලැබුණු වීරයින්ටත් නිදහසේ හුස්ම ගන්න බැහැ.
වැදගත් මහත්වරු වගේ ජීවත් වෙන්න ගියාම පොලිසි ගානේ රස්තියාදු වෙන්න සිදුවෙන එක අමුතු දෙයක් නෙමේ... සංගක්කාර මහත්තයෝ. වාචාලයින් කියන කතාවකට පවා ඒ සමාජයේ ලොකු වටිනාකමක් තියනවා. පාසල් කාලෙදී වත් ක්‍රිකට් පිත්තක් අතින් අල්ලලා නැති අයට, පහුකාලේදී, ක්‍රිකට් පුටුවල ඉඳගන්න ලැබුණාම ඕවා ඔහොම තමයි. ක්‍රිකට් මැච් කවුරුවත් සද්දයක් නැහැ මේවාට...
මේ දේශපාලනය කරන අය පුදුම කරදරයක් ක්‍රීඩකයින්ට කරන්නේ... ලංකාවේ එකම පිළිගැනීමකට පත්වෙච්ච ක්‍රීඩාව ක්‍රිකට්... ඒකත් නැතිකරලා දානවා...
මෙවැනි අමන වැඩ නිසාම තවත් ක්‍රීඩකයින් හදවතින්ම ලංකා මාතාව වෙනුවෙන් ක්‍රීඩා කරයිද?
මේ අපේ පුංචි රට ගැන ලෝකයා කතා කරන්නේ, ගෞරව කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. එයට දායකව කීර්තිමත් ක්‍රීඩකයින් අපරාධ අංශවලට කැඳවා ඔවුන්ව මානසිකව පීඩනයක් ඇතිකිරීමට ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඉතාමත්ම නින්දිතයි. හොරුන්ට හොරකම් කිරීමටත්, ඒ හොරුන් රැකගැනීමත් රජපක්ෂ පවුල් දේශපාලනයේ අපි හැමදාම දැක්ක දෙයක්... මෙවර මැතිවරණයේදී මේ තක්කඩියන් ගෙදර යැවීමට වග බලා ගන්න..
හැබැයි එදා 2011 මැච් එක බලද්දීම මට හිතුණා. සංගක්කාර විකට්ටුව පිටුපස සිට ලෙහෙසි උඩපන්දු අත් හැරියා.., බෝක්කු පිට බෝක්කු බයිස් ඇරියා.
මෝඩ දේශපාලකයෝ අපේ මාතෘ භූමියේ ප්‍රතිරූපය විනාශ කරයි. අප ලෝකයේ ජනප්‍රිය වීමට හේතුව, ක්‍රිකට් ක්‍රීඩාව හැර වෙනත් හේතුවක් නැත.