තරිඳු ජයවර්ධන
රටේ ඇතිවූ හා ඉදිරියට ඇතිවිය හැකි අනාරක්ෂිත තත්වය හා ජාතික ආරක්ෂාවට බලපාන තර්ජන සළකා පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු ස්ථාන මාරු කළ බව ජාතික පොලිස් කොමිසම කියයි.
ඉදිරි අනිකුත් ක්‍රියාමාර්ග වලට යටත්ව එම උසස් පොලිස් නිලධාරීන් මාරු කිරීමට අද රැස්වූ ජාතික පොලිස් කොමිසම තීරණය කළ බවද එම කොමිසම සඳහන් කරයි. එලෙස මාරු කළ ස්ථානාධිපතිවරු මෙසේය.
ජ්‍යෙ.නි.පො.ප ජේ.අබේසිරිගුණවර්ධන මහතා වයඹ සහ උතුරු මැද පළාත භාර ජ්‍යෙ.නි.පො. තනතුරේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙ. නි.පො.ප. ලෙස
ජ්‍යෙ.නි.පො.ප. එන්.මුණසිංහ මහතා – ක්ෂේත්‍ර බළකා, රථවාහන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙ.නි.පො.ප. තනතුරේ සිට වයඹ සහ උතුරු මැද පළාත භාර ජ්‍යෙ. නි.පො.ප. ලෙස
නි.පො.ප. එල්.එස්.පතිනායක මහතා – කොළඹ දිසාව භාර නි.පො.ප. තනතුරේ සිට ප්‍රවර්ථන දිසාව භාර නි.පො.ප. ලෙස
නි.පො.ප. ඩබ්.එල්.ඒ.එස්.ප්‍රියන්ත වීරසූරිය මහතා – ප්‍රවර්ථන දිසාව භාර නි.පො.ප. තනතුරේ සිට කොළඹ දිසාව භාර නි.පො.ප. ලෙස
නි.පො.ප. ටී.එම්.ඩබ්.ඩී.දේශබන්දු – බස්නාහිර පළාත උතුර දිසාව භාර නි.පො.ප. තෙන්නකෝන් මහතා තනතුරේ සිට පුත්තලම දිසාව භාර නි.පො.ප. ලෙස
නි.පො.ප. වී.පී.සී.ඒ.සිරිවර්ධන මහතා – පුත්තලම දිසාව භාර නි.පො.ප. තනතුරේ සිට බස්නාහිර පළාත උතුර දිසාව භාර නි.පො.ප. ලෙස
ජ්‍යෙ.පො.අ. කේ.කඩුපිටිය මහතා – ත්‍රිකුණාමලය කොට්ඨාසය භාර ජ්‍යෙ.පො.අ. තනතුරේ සිට මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙ.පො.අ. ලෙස
ජ්‍යෙ.පො.අ. ඒ.කේ. චන්දන අතුකෝරළ මහතා – මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙ.පො.අ. තනතුරේ සිට ත්‍රිකුණාමලය කොට්ඨාස භාර ජ්‍යෙ.පො.අ.ලෙස
පො.අ. එල්.එම්.එස්.බණ්ඩාර මහතා – කොළඹ උතුර කොට්ඨාසයේ සිට සීතාවකපුර කොට්ඨාස භාර නිලධාරී ලෙස
පො.අ. ඒ.එම්.යූ.චන්දන මහතා – සීතාවක පුර කොට්ඨාසයේ සිට කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී ලෙස
පො.අ. ජේ.ඒ.යූ.පී. ජයසිංහ මහතා – කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරී ලෙස
පො.අ. ටී.ජී.එන්.ඩබ්.ඩී. තල්දූව මහතා – ඇල්පිටිය කොට්ඨාසයේ සිට කොළඹ මධ්‍යම කොට්ඨාස භාර නිලධාරී ලෙස
පො.අ. ඩබ්.කේ.ජේ.රොෂාන් ඩයස් මහතා – කැළණිය කොට්ඨාසයේ වැඩ බලන තනතුරේ සිට කැළණිය කොට්ඨාස භාර නිලධාරී ලෙස

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරු කරන්නේ මේ පොලිසිය තුළමනේ? ඉතින් ඇතිවෙන වෙනස මොකක්ද?
වැඩ තහනම් කරන ලිස්ට් එකක් නැත්ද..? රෑන්ක් අඩු කරලත් නෑ... සෙල්ලමක් දාල විතරයි.
රොෂාන් ඩයස් මහතාණෙනි, මේ මගේ උණුසුම් සුබපැතුම්..!!!