( දිල්රුක්ෂි ග්‍රේරු )
වාරියපොළ පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීම සහ දුරකතනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ මත්පැන් ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන කුරුණැගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) නියෝග කර තිබේ.
රිමාන්ඩ් කරනු ලැබ ඇත්තේ වාරියපොල පොතුවැව ලිපිනයේ පදිංචි මත්පැන් ජාවාරම්කරුවෙකි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ සම්බන්ධව අද (21) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
මෙම පොලිස් පරීක්ෂකවරයා නීති විරෝධී මත්පැන් වැටලීමේ රාජකාරිය සිදු කිරීම් සම්බන්ධයෙන් උරණ වූ එම මත්පැන් ජාවාරම්කරු ඉකුත් 19 වැනිදා තමන්ගේ මත්පැන් අත්අඩංගුවට නොගන්නා ලෙස දුරකතන ඇමැතුම් ලබා දී තර්ජනය කර තිබේ.
එමෙන්ම ප්‍රදේශයේ හිමි නමක්ද ඊට මැදිහත්වී එම අත්අඩංගුවට ගැනීම් වහාම නවත්වන ලෙසත් තර්ජනය කර ඇතැයි පොලිස් පරීක්ෂකවරයා වාරියපොල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම්වත් කර තිබිණි. ඒ පිළිබඳව පහරකෑමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා සටහන් තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුරුව පොලිස් පරීක්ෂවරයා ඊයේ (20 ) වෙනත් රාජකාරියකට ගොස් යළි පොලිසියට පැමිණෙද්දි ඔහුගේ පසුපසින් පැමිණි ජාවාරම්කරු ,හිමි නම ඇතුළු පිරිසද පොලිසියට පැමිණ පොලිස් පරිශ්‍රය තුලදීම එම නිලධාරියාට පහරදීමක් සිදු කර තිබේ.
එම අවස්ථාවේදී පොලිස් පරීක්ෂකවරයාගේ හිස බිත්තියේ වැදී ඇති අතර පසුව පහරදුන් පුද්ගලයා මෙල්ල කරගැනීමටද පොලිස් පරීක්ෂකවරයා සමත්ව ඇත. පොලිස් පරීක්ෂකවරයා මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
කෙසේ නමුත් මෙම සිද්ධියට සම්බන්ධ වූ හිමි නම පිළිබඳව මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පොලීසිය වැඩි දුර විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවෝ වහාම අත්අඩංගුවට ගත යුතුයි. මෙවැනි හාමුදුරුවරුන් පන්සල් වලින් පැන්නිය යුතුයි.
හොර තක්කඩි හාමුදුරුවෝ අත්අඩංගුවට ගන්න බැරි පොහොට්ටුවෙක් වෙන්න ඇති. බය වෙන්න එපා. ගමේ කොල්ලෝ ටික හාමුදුරුවන්ට බැටේ දෙන්න සුදානම්.
ඔය චීවරධාරීන් අල්ලන්නේ නැත්තේ ඇයි...? පොහොට්ටුවෙක් නිසාද...?
මෙයට සම්බන්ධ සැමට දැඩි දඩුවම් දියයුතුයි. නැත්නම් රට හදන්න බැහැ කවදාවත්. සාධාරණ නිලධාරියෙකුට සේවය කරන්නත් පැහැ මේ රටේ. හැබැයි ඒවගේම අහිංසක අසරණ මිනිසුන්ව කිසිදු සාධාරණ හේතුවක් නැතිව පුද්ගලික හිතවත්මකම් මත අත්තනෝමතික ලෙස පොළිස් රිමාන්ඩ්භාරයේ තබපු පොලිස් නිලධාරිනුත් ඉන්නවා කොළඹ අවටම...
මෙවන් අවිනීත චීවර ධාරීන්ට දඩුවම් දිය යුතුය...
මෙම අදහස සිල්වත් හාමුදුරුවන්ට නොවේ. බුදුදහමේ හරය ලෙස සැලකෙන පංච ශීලයේ එක්පදයක් කැඩීමට චීවරධාරියෙකුත් උදව්වන බව පෙනීමෙන් බුදුදහමේ විනාශය අතළගයි කියා කිසිවෙකුට හිතෙන්නේ නැද්ද? නායක හිමිවරුණි, දැන්වත් බුදුදහම රැකගැනීමට පෙරට වඩින්න...
මේ සැකකරුවන්ට නම්, ගම් නැද්ද?
කසිප්පු ජාවාරම් කාරයින්ට කඩේ යන මේ "ඊනියා සිව්රු පොරවාගත් අයගේ සිව්රු ගලවල ඇතුලට දමන්න ඕන... අනිවාර්යයෙන්ම මුන්ගේ පස්සේ දේශපාලන කුක්කෙක් ඇති...
චීවරධාරීන්ද මනුෂ්‍යයෝය. චීවරධාරීන් සියල්ල බෞද්ධ භික්ෂුන් නොවේ. තෝරාබේරා ගැනීම ඔබ සතුය.
හිමිනමක් වෙන්න බැහැ... හොරට සිවුර දාගත්ත කෙනෙක්... ඕකගේ ඔය අමුඩයක් ගස්සල කරත්තෙක ගැට ගැහුවා නම් හරි. ඔය වගේ අය උතුම් සිවුරට කරන්නේ නිගාවක්...
මෙයට සම්බන්ධ සංඝයා වහන්සේලාට ද දඩුවම් කළ යුතුයි.