IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පාලමක කොටසක් කඩා වැටී යාපනයේ මාර්ගයක ගමනාගමනයට බාධා

 

(රොමේෂ් මධුෂංඛ)

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ආනෙයිකොට්ටෙයි ප්‍රධාන මාර්ගයේ පාලමක කොටසක් ජලයට කඩාගෙන යාම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.

අනෙයිකොට්ටෙයි ප්‍රදේශයට ඊයේ (05) රාත්‍රියේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග විශාල ජල පහරකට හසුවීම හේතුවෙන් අනෙයිකොට්ටෙයි ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලමේ කොටසක් කඩාගෙන ගොස් තිබුණි.

ඒ සමගම ප්‍රදේශයේ තරුණයින් විසින් පාලම මතින් බරවාහන ඇතුලු වාහනවලට ගමන් කිරීමට නොදී පාලම කැඩී ඇති අනතුර සම්බන්ධයෙන් වාහන රියදුරන් දැනුවත් කිරීමට පියවර ගත්හ.

කෙසේ වෙතත් මේ වන විට පාලම මතින් ගමනාගමනය දැඩි ලෙසින් අඩාල වී ඇති අතර පාලමේ නඩත්තු කටයුතු වලටද වර්ෂාව හේතුවෙන් දැඩි ලෙසින් බාධා එල් වී ඇතත් පාලම යතාතත්වයට පත් කොට ගමනාගමනය නැවත ආරම්බ කිරීමට කඩිනම් පියවර ගන්නා බවටද මාර්ග සංවර්ධන නිලධාරීන් පවසා සිටිති.



අදහස් (0)

පාලමක කොටසක් කඩා වැටී යාපනයේ මාර්ගයක ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site