
(අංජුල මහික වීරරත්න)
ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ හඳුනාගනු ලැබ ඇති පාලම් 74ක වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙත දිවයින පුරා පාලම් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තු 326 ක් පිරිනැමීම සඳහා 2021-02-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ වන විට වැඩ ආරම්භ කර නොතිබූ පාලම් 184 ක ඉදිකිරීම් කටයුතු නතර කිරීමට 2022 වසරේදී තීරණය කර ඇති අතර, ඉතිරි පාලම් 142 න් 45 ක වැඩ මේ වන විට නිම කර තිබේ. තවත් පාලම් 23ක වැඩ මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබ ඇත.
අදාළ ප්‍රදේශ වල ගමනාගමන කටයුතු වලදී මහජනතාවට මුහුණ පෑමට සිදුව ඇති අපහසුතා අවම කිරීමේ අරමුණින් ඉතිරි පාලම් 74ක වැඩ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මඟින් යළි ආරම්භ කර, ඒවායේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසේ බයිලාව 1. කෝප් කමිටුවෙන් අහවලා මෙච්චර ගසා ඇත. 2. කැබිනට් තීරණ චූන්. ඔය කියපු කැබිනට් තීරණ එකක්වත් කරලා නම් නෑ
පළාත් සභා ඡන්දයත් ළඟ ළඟම එනවා නේ කොහොම හරි කමක් නෑ පොඩි මිනිසාට හොඳක් සිදු වෙන නිසා අවුරුද්දක් පස්සේ මොනවා හරි ඡන්දයක් තියනවා නම් හොඳයි