
(අංජුල මහික වීරරත්න)
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමටත්,එම විශ්වවිද්‍යාලය “ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්” බවට පත්කිරීමටත් කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මල්වතු පාර්ශ්වය සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (19) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවට කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා කළ යෝජනාව නියත වශයෙන්ම ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේ කළ ඇරයුම ද ජනාධිපතිවරයා පිළිගත්තේය. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ විහාරස්ථානවල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒවාට ලබාදිය හැකි සියලු විසඳුම් ලබාදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඉදිරි වසර එකහමාර ඇතුලත රටේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර ජනතාවට සහන ලබා දිය හැකි ආර්ථිකයක් රට ගොඩනඟන බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන නම්බුනාම, තනතුරු සමග චීවරය දරන්නේ දෙව්දත්තගේ පිරිසයි. ඔවුන් තර්කයේ කෙළ පැමිණියෝය. එහෙත් සරල බුදුවදනක අරුතවත් නොරඳාගත්තෝය... කිරිගරුඬ පොළවක කැතකුණු වගුරවමින් හැසිරෙන නොදරුවන් සේම ශාසනය අපවිත්‍ර කරන්නෝය. ඉවක් බවක් නැති ස්වයං චින්තනයකට නැඹුරු නොවූ ජනයා ඔවුන් සුපෝෂණය කර ඒ කැතකුණු මත ඇවිදිමින් නිරන්තරව ලිස්සා වැටෙන්නේය...
88-89 කාලයේ මිනීමරු ප්‍රේමදාසත් එක්ක එකතුවෙලා බටලන්දේ වධකාගාරයේදී තරුණ තරුණියන් සියගණනක් වදදී මරාදමපු වධකයා කියනවා 2023 වෙනසක් උත්සවය මහා ඉහලින් සමරන්න රාජ්‍ය අනුග්‍රහය දෙනවා' ( නායක හාමුදුරුවරුන්ගේ ඉල්ලීම අනුව ) කියලා.එතකොට අනවශ්‍ය වියදම් එපා කියලා ගහපු ගැසට් එකට මොකද වෙන්නේ ? මේකා අමු පිස්සෙක් !!!