
ප්‍රංශයේ කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 91 දක්වා ඉහළ යාමත් සමඟ එරට ආපනශාලා, වෙළඳසැල්, සමාජශාලා සහ සිනමාශාලා වසාදැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ප්‍රංශයේ අග්‍රාමාත්‍ය එඩුවා පිලිප් මහතා පැවසුවේ, මේ සියවසේ විශාලතම සෞඛ්‍ය තර්ජනය කොරෝනා බවය.
සෙනසුරාදා දිනයේදී අග්‍රමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, රජයට බලපෑමක් ඇති නොවන, අත්‍යවශ්‍ය නොවන, මහජනයා ගැවසෙන ස්ථාන වසාදැමීමට තීරණය කළ බව ය. පොදු ප්‍රවාහන සේවය තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, ඒවා භාවිත කිරීම සීමා කරන්නැයි ද නගර අතර සංචාරය අඩු කරන්නැයිද අගමැතිවරයා මහජනයාට දැනුම්දුන්නේය.
ප්‍රංශයේ ආර්ථිකය බිලියන ගණනින් පසුබැස්සවීමට හැකියාව ඇති කොරෝනා වයිරසය ව්‍යාප්තවීම නවතාලීම සඳහා ඉදිරි මාස කිහිපයේදී සිය රටවැසියන්ට තදබල කැපකිරීම් කිරීමට සිදුවනු ඇතැයි ද හෙතෙම පැවසීය.

කෙසේවුවත්, අද පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණ කටයුතු එලෙසින් ම පවත්වන බවද ඔහු කීය.
ප්‍රංශයේ ආගමික ගොඩනැගිලි, දේවස්ථාන ආදිය වසා නොදැමෙන නමුත්, ජනයා ගැවසෙන ආකාරයේ ආගමික උත්සව සහ මෙහෙයන් කල්දැමීමට ද බලධාරීන් උපදෙස් ලබා දී ඇත.
සෙනසුරාදා දිනයේදී ප්‍රංශයේ වයිරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 4499 දක්වා ඉහළ ගිය අතර, මේ වනවිට එහි මිය ගිය පුද්ගලයන් ගණන 91කි.
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
858
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ප්‍රංශයේ අවන්හල්-වෙළඳසැල්-සිනමාහල් වසා දමයි