(ඩයනා උදයංගනී)
කෘතහස්ත ලේඛකයකු, ගුවන් විදුලි නාට්‍ය හා ගීත රචකයකු මෙන්ම කවියෙකු වූ මර්වින් සේනාරත්න මහතා අභාවප්‍රාප්ත විය.
1928 ඔක්තෝබර් 10 වැනිදා කළුතර දී උපත ලැබූ සේනාරත්න මහතා මියයන විට 92 හැවිරිදි වියෙහි පසුවිය
ගුවන් විදුලි ගීත රචනයට 1948 දී පිවිසි මර්වින් සේනාරත්න මහතා විශාරද නන්දා මාලිනී, එච්.ආර් ජෝතිපාල, චිත්‍රා සෝමපාල, පුෂ්පරානි ආරියරත්න, දයා හේමන්තා සන්දනායක, ජී.එස්.බී රාණි පෙරේරා, ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග, මොහිදීන් බෙග්, හරුන් ලන්ත්‍රා, ධර්මදාස වල්පොල, මිල්ටන් පෙරේරා ආදී ගායක ගායිකාවන් රැසක් වෙනුවෙන් ගීත රචනා කර තිබේ.
‘නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා’, ‘මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියම සීපද කියනු අසා’, ‘අක්කෙ ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉද ගන්නකෝ’, තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජයකේලී’, ‘මාගම්පුරයෙ ඉඳන් ආ ගාමිණි කුමරුවනේ’, ‘පෙම් හදවත පාරවා මෝරන පෙම මෝරවා’ ආදී ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් රචනා කර ඇත.
ගුවන් විදුලි නාට්‍ය ගණනාවක් ද රචකයකු වූ සේනාරත්න මහතා සුගන්ධිකා, වීදිය බණ්ඩාර, දොලේලන්ද ආදී නාට්‍ය ගණනාවක් රචනා කළේය.
වෙසක් තොරන් කතා පිටපත් මෙන්ම දෙබස් හා ගීත රචකයකු ද වූ ඔහු විසින් වෙසක් තොරණ් කතා පිටපත් 1000ක් පමණ රචනා කර ඇති අතර වසරකට තොරණ් කතා 25ක් ලියා වාර්තාවක් ද තබා තිබේ.
බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ භාෂා පරිවර්තකයකු, මැලේෂියාන් මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රචාරක නිලධාරියකු ලෙස ද කටයුතු කර ඇති මර්වින් සේනාරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මගින් ප්‍රකාශනය කළ ‘සිංහලේ’ සතිපතා පුවත්පතේ උපකර්තෘවරයෙක් ලෙස ද සේවය කළේය.
ඔහු අගනුවර තරුණ කවි සමාජයේ සම ලේකම්වරයකු ද විය.
ජනප්‍රිය ලේඛකයකු වන මංජුල සේනාරත්න මහතාගේ පියා වන මර්වින් සේනාරත්න මහතාට තවත් දියණියක් ද සිටී.
ඔහුගේ දේහය පන්නිපිටිය, කොට්ටාව උතුර, සිරිමල්වත්ත පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු කොට්ටාව පොදු සුසාන භූමියේදී හෙට (25) පස්වරු 3.00 ට සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ එක්තරා වකවානුවක ගුවන්විදුලියේ මහගෙදරදී ගුවන්විදුලි නාට්‍ය හා පිටපත් රචනය පිළිබඳ පුහුණු පාඨ මාලාවකදී ඔබතුමා දුන් ගුරු උපදේශ අදත් මතකයේ රැඳී පවතී. ඒ සෙනෙහබර ගුරු පියාණන් හට නිවන් සුව...!!!
ගුරු පියාණෙනි, ඔබට නිවන් සුව පතමි.
60, 70, 80 දශකවල ගුවන් විදුලි නාට්‍යය ලොකු කුඩා මහලු කාගේත් සිත් සතන් ප්‍රබෝධමත් කළ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව ප්‍රචාරය කළ අපූර්ව වැඩසටහනක් මෙතුමාද එම අපූර්වත්වය ගෙනඒමට වෙසෙසින් දායක වූ ප්‍රභාසම්පන්න ගුවන්විදුලි නාට්‍ය රචකයෙක් ඔබ ලියූ නාට්‍ය රස විඳ අප ලැබූ වින්දනයේ පින් මහිමයෙන් ඔබතුමාට නිවන් සැප ලැබේවා..!!!