(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවයක් නිසා සභාව විනාඩි දහයකට අත්හිටුවන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  නිවේදනය කළේය.

යුක්තිය පසදලීමේ අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට විපක්‍ෂයේ 20 දෙනෙක් නැගිට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය අනුකූලතාවයක් නොදැක්වීම නිසා මෙම නොසන්සුන්තාව ඇති විය.

විපක්ෂ මන්ත්‍රීවරු ආසන වලින් නැගිට විරෝධය පළකිරීමට පටන් ගත්හ.