(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මැති සබයේ සහ මැති සබයෙන් පිටත පසුගිය විසි එක් වෙනිදා සිදු වූ නොහික්මුණු සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 23 )පැවැසීය.

චමල් රාජපක්ෂ ,කෙහෙළිය රඹුක්වැල්ල සුසිල් ප්‍රේමජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,ඉමිටියාස් බාකීර් මාකර්,ආචාර්ය රංජිත් බණ්ඩාර සහ එම්.ඒ සුමන්තිරන් එම කමිටුවේ සෙසු සාමාජිකයන් බව ද කතානායක වරයා කීය.

ඉහත සිද්ධීන් ගැන සොයා බලා ඒවාට ගත යුතු පියවර පිළිබඳවත් ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති වීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ත් කරුණු සොයා බැලීමට සහ නිර්දේශ කිරීමට මෙම කමිටුව පත් කර ඇතැයි ද අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය .