(උපාලි ආනන්ද)
පරිභෝජනයට නුසුදුසු බවට පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් මත මුද්‍රා තබා තිබූ සහල් කිලෝ 85,000 ක් යළි එම මුදා හරින ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා වැලිකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂවරයාට අද (16) නියෝග කළේය.
පොළොන්නරුව පිහිටි පෞද්ගලික සහල් සමාගමකට සහල් තොගය මෙලෙස මුදා හරිනු ලැබුවේ එම සමාගමෙන් අත් අඩංගුවට ගත් සහල් මහජන පරිභෝජනයට සුදුසු තත්වයේ ඒවා බවට රස පරීක්ෂක වාර්තාවකින් අධිකරණයට තහවුරු කිරීමෙන් අනතුරුවය.
පාරිභෝගික සේවා අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරි බී.එම් ජයවර්ධන සහ වැලිකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක ඊ.එම්.එම්.කේ ඒකනායක යන මහත්වරුන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩු දෙකක් යළි කැදවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙසේ නියේග කෙරිණ.
එම නඩු වල විත්තිකරු ලෙස නම් කර ඇත්තේ පොළොන්නරුව නිව් රත්න සහල් පුද්ගලික සමාගමය
නිව් රත්න සහල් පෞද්ගලික සමාගමට එරෙහිව පාරිභෝගික සේවා අධිකාරිය අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ චෝදනා වන්නේ කල් ඉකුත් වූ සහල් සහිත අසුරන අනෙකුත් සහල් සමඟ ගබඩා කිරීම/නොමග යැවීමට හෝ රැවටීමට තුඩු දෙන අයුරින් සහල් සහිත අසුරන වල මිල /නිෂ්පාදිත දිනය/ කල් ඉකුත් වන දිනය හා කාණ්ඩ අංකය වෙනස් කිරීම සහ සහල් සහිත අසුරන වල උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලක් සටහන් කිරීමයි.
වැලිකන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් නිව් රත්න සහල් පෞද්ගලික සමාගමට එරෙහිව අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ චෝදනාව වන්නේ සනීපාරක්ෂාවට අහිතකර තත්වයේ සහල් ගබඩා කර තැබීමයි.
පාරිභෝගික සේවා අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය මගින් 2019 වසරේ නොවැම්බර් මස 26 වන දින අත්අඩංගුවට ගත් සහල් කිලෝ 85,000 න් සහල් සාම්පල 18 ක් අධිකරණ නියෝගයක් මත රස පරීක්ෂකවරයා වෙත යවනු ලැබීය.
අදාල සහල් සාම්පල පරීක්ෂා කළ රස පරීක්ෂකවරයා ස්වකීය පරීක්ෂණයේදී නිගමනය කර ඇත්තේ අත්අඩංගුවට ගෙන ඇති සහල් තොගය මහජන පරිභෝජනයට සුදුසු තත්වයේ පවතින ඒවා බවයි.
එම රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම වාර්තාව සැලකිල්ලට ගෙන මෙලෙස මුද්‍රා තබා තිබූ සහල් තොගය විත්තිකාර සහල් සමාගමට මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඕවා අල්ලද්දී හොයලා බලලා නෙමේද ඇල්ලුවේ. එක්කෝ මේක යට ගහලා දේශපාලන බලය පාවිච්චි කරලා... හාල් කන එකත් භයානකයි මේ යනවිදියට..
මොනවා කරන්නද සම හරක් බත් කන්නේ නැහැනේ .
පහු වෙන්න පහු වෙන්න මීට වඩා ලස්සන වැඩ කිඩ බලාගන්න පුළුවන් වෙයි අපි සැමටම. දැම්මම ලෑස්ති වෙලා ඉන්න.
අනේ මෙහෙමත් විහිලු. පොඩි මිනිහට තමයි ඔක්කොම.
කුමන නිගමනයන් යටතේද මෙම සහල් තොග අත්අඩංගුවට ගත්තේ? සහල් මාෆියාවේ වැඩක්ද? කල දුටු කල වළ ඉහගන්න තැත් කිරීමක්ද? එකිසිත් නොමැතිව හුදක් ප්‍රසිද්ධිය සඳහාද?
රස පරීක්ෂක ගුණ්ඩුවක් කාලාද ? අත්අඩංගුවට ගත් නිලධාරීන්ට මාරුවිමක්වත් ලැබෙයිද ? ලංකාවනේ නේද...
අනේ මන්දා මේවා ඉතින් දන්නේ දෙයියෝ තමයි.
හදිසියේම කබරගොයෙක් තලගොයෙක් වෙලා තියෙන්නේ . පැකේජ් එක කීයක් වගේද දන්නේ නැහැ නේද ?
වරක් රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන ලද බව කියන කුඩු තොගයක් කුරක්කන් පිටි බව අනාවරණය විය.
හාල් මාෆියාවට කල්ල මරේ .... ගෝඨාභයට පින්සිද්ධ වෙන්න..............
මාධ්‍යයෙන් පෙන්නපු දේ බොරු කරන්න හදන රස පරීක්ෂකගේ ගිණුම් සහ මහේස්ත්‍රාත්ගේ ගිණුම් පරික්ෂා කරන්න ඕන.
"අපේ රටට මේ මොකද මේ වෙන්නේ" කියන ප්රශ්නය ඇර වෙන දෙයක් ගැන හිතන්න රටවැසියන්ට නොහැක. මුදල් - නිලය - දේශපාලන යනාදි ත්‍රිවිධ බලය ඇති අයට මේ රටේ ඕනැම අපරාධයක් කර ආරක්ෂා විය හැකි බව ඔප්පු කිරීමට මේ සිද්ධිය ප්රමාණවත්ය. ආහාර අනුභව කරන සියලුම දෙනා දන්නවා තමන් අනුභව කරන්නේ නුසුදුසු ආහාර බව. ඒත් එය අනුභව කරනවා. රට වැසියන් වු කිසිදු බලයක් නැති අපි අපේ ගැටලුව කාට නම් කියන්නද?