(කුෂාන් ජයවරධන)
මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූණු කිලෝ 3000 කට ආසන්න ප්‍රමාණයක් කැකිරාව උඩනිදිගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අද (17) සොයා ගනු ලැබීය.
මෙම බී ලූණු තොගය යළි පිරිසිදු කර වෙළදපලට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළහ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරක් අනුව සිදුකරන ලද වැටලීමකදී එම ලූණු තොගය සොයා ගැනීමට හැකිව තිබිණ.
වැටලීම සිදුකරන අවස්ථාවේදීත් ප්‍රධාන සැකකරු තවත් පිරිසක් සමඟ බී ලූණු තොගය පිරිසිදු කරමින් සිට ඇත.
සැකකරු මෙලෙස රැගෙනවිත් ඇත්තේ දඹුල්ල විශේෂ ආරථීක මධ්‍යස්ථානයෙන් ඉවත දමන ලද බී ලූණු තොගයක් බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරන ලද විමර්ශනවලදී අණාවරණය කර ගෙන තිබේ.
අදාළ බී ලුණූ තොගය ඇතුළත් නිවස මුද්‍රාතැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
මෙම ජාවාරම සිදුකර ඇත්තේ කැකිරාව උඩනිදිගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරැ බැදුම්කරයක් මත මුදා හැරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එහිදී කටයුතු කළ අතර එම සැකකරු හා ඔහු සන්තකයේ තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ලූණු තොගය හෙට (18) කැකිරාව දිසා / මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පාරිභෝජනයට නුසුදුසු බී ලූණු කිලෝ 3000 ක් කැකිරාවෙන් සොයාගනී