බස්නාහිර,සබරගමු,මධ්‍යම,වයඹ,උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේ ප්‍රබල අකුණු ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

එම ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ඉක්ම වූ වැසි ඇති වන බව ද අනතුරු අඟවයි.

ප්‍රබල අකුණුවලින් ආරක්ෂාවීම සඳහා එළිමහනේ, ගස් යට කුඹුරු,තේවතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී නොසිටින්නැයි ද රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන විදුලි උපකරණ භාවිතයෙන් වළකින්නැයි උපදෙස් දෙයි.

බයිසිකල්,ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැලකින ලෙස ද දන්වයි.