(අජන්ත කුමාර අගලකඩ)
රජය සතු ප්‍රධාන පෙලේ හෝටල් සමාගම් තුනක් එකතු කර එක් සමාගමක් ආරම්භ කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
ග්‍රෑන්ඩ් හයාට්,හිල්ටන් සහ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය යන සමාගම් එකතු කර මෙම නව සමාගම ආරම්භ කෙරේ.
රජය සතුව පවතින මෙම හෝටල් සමාගම් වහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය සහ ලංකා බැංකුව යන රාජ්‍ය ආයතනවල ඒකාබද්ධ අයිතිය ඇති එකම සමාගමක් බවට මේ යටතේ පත් කෙරෙනු ඇත.
එම හෝටල්වල පාලනය එක් අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් සිදුකිරිමටත් එහි බහුතර අයිතිය රජය සතුව තබාගෙන උපරිමය 49% ක් ලෙස එහි කොටස් අයිතිය කොටස් වෙළඳපොළට විවෘත කිරිමටත් ඉඩ ප්රස්ථා සැලසෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන්නේ මේකත් අර කබරාල් කියන කෙනාගේ වැදගත් අදහසක්...
තව මොකද්ද දහම් ගැටයක් ගහන්න රංචුවක් එක්වෙලා මගඩියක් එළි දක්වන්න හදන බලවත් වෑයමක් බව නම් පේනවා...!!! ගෝනි ගණන් මුදල් හංගගෙන ඉන්න අයට නම් මේක අලුත් අවුරුද්දට ඉස්සර වෙලාම ලැබුණු සුබ ආරංචියක් වේවි...!!!
පහුගිය වකවානුවේ ආරංචියක් තිබුණා නේද සහෝදර සමාගමේ කෙනෙක් මෙයින් එක හෝටලයකට බැල්ම දැම්මයි කියලා. මෑන්ස්ට 10% වෙනුවට ඊට වඩා ලොකු කුට්ටියක් කඩාගන්න හිතිලා වත්ද? බහිරවයා ආපහු හිස ඔසවන්න වගේ යන්නේ...
හිල්ටන් එකෙන් සල්ලි ඇද, කොට උඩ ගොස් ඇති හයට් එකට යොමු කිරීමට ගහන ගැටයකි...
බංකොලොත් කර විකිණීම වෙනත් විදියකින් කීම...
මේ දිනවල ලංකාවේ හෝටල්වල විදේශිකයෝ ඉන්නවාද? විදේශිකයන්ට පමණක් සංග්‍රහ කරන හෝටල් හිර වෙලා වගේ.