(විනීතා එම් ගමගේ)
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් මුල් වී විශ්ව විද්‍යාල භූමිය බත් කොළ භාවිත නොකරන පෙදෙසක් බවට පත් කර ඇත.
ශිෂ්‍ය පිරිස් විසින් ආපන ශාලාවලින් කළ ඉල්ලීම් අනුව ආපන ශාලාවල බත්කොළ භාවිතයෙන් ඉවත් කර ඇති අතර මේ වනවිට එහි කිසිදු ස්ථානයක බත්කොළ භාවිතා නොවන්නනේ යැයි එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාමර ජයසුන්දර මහතා පැවසීය.
2016 දී පේරාදෙණි විශ්ව විද්‍යාලය පොලිතින් රහිත කලාපයක් බවට ප්‍රකාශයට පත් කළ නමුත් එය නීතිමය වශයෙන් ක්‍රියාත්මක නොවුණු බවත් සිසුන්ගේ මැදිහත්වීම මත පොලිතින් රහිත බවට පත්වෙමින් ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මේ නිසා විශ්ව විද්‍යාලයේ ජනනය වන කසළ ප්‍රමාණය 80% අඩුවී ඇතැයි පෙන්වා දුන් ජයසුන්දර මහතා උත්සව සඳහා ද රිජිෆෝම්, පොලිතින් හෝ ප්ලාස්ටික් භාවිතා නොකිරීමට සිසුන් තීරණය කර ඇතැයි සඳහන් කළේය.
සැරසිලි සඳහා ඔවුන් යොදා ගන්නේ ස්වභාවික අතු,කොල, වැල්, මල් ආදී දේ බව ද කියා සිටියේය.
විශේෂයෙන් එක වරක් භාවිතා කර ඉවත දමන පොලිතින් ඉවත් කරගත හැකි නම් පොලිතීන් වලින් වන හානියෙන් 80% ක් මඟ හැරෙන බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වවිද්‍යාල ශිෂයින්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ වැදගත් දේවල් මිසක් මහ පාරවල් වල රස්තියාදු වෙන කාලකන්නි පිරිස් නෙවෙයි.
අන්තරේ අයත් එකඟද මේ හොඳ වැඩේට? එහෙම නම් පුදුම හිතෙන එකක්...
බලන් ගියාම බත් කන අයත් ඉන්නවා එහෙනම්...
බොහොම හොඳයි. අප සැමවිටම අපේ අනාගත පරපුරෙන් බලාපොරොත්තු වන්නේ රට ඵලදායි දෙයක් කිරීමට හැකි දරුවන් බව කීමට කැමැත්තෙමු. කෙසේවෙතත් අන්තරේ ඉන්න හරක් අන්දරේලාගේ නූගත් වහසිබස් වලට නොරැවටී තමන්ගේ යුතුකම් කිරීමට ඉදිරිපත් වූ ඔබලාට ජය දරුවනේ...
අන්තරේ අය අතුගාලාම දාන්න ඕනෑ. අහිංසක දරුවන් ඇපයට තියාගෙන හම්බ කරගන්න පිරිසක් මිනිස් වෙස් ගත්ත සතුන් කොට්ටාශයක් දරුවනේ.. මේ අයගේ වහසි බස්වලට හසු නොවන්න...
විශ්ව විද්‍යාලයේ කැන්ටිමට යනකොට ගෙදරින්ම බෙලෙක් පිඟානක් අරගෙන එන්න පුරුදු වෙන්න. ඔය අපුරුවට, ලැප්ටොප්, ටෙලිෆෝන්, බෑග්වල දාගෙන එනවා වගේ මෙය කරන්නට පුළුවන් දෙයක්.... ඉන්දියාවේ කන්නේ බෙලෙක් පිඟන්වල. අපූරුවට මොලේ තියන මිනිස්සු අභ්යාවකාශටත් යන්නේ... පස් දෙනෙක් පටන්ගත්තොත් වැඩේ කළ හැකියි. ඉස්සර අපිට කිරි ඉස්කෝලේන් දෙනකොට අපි බෙලෙක් කෝප්පයක් ගෙදරින්ම අරගෙන ගියා. කෝප්ප නැත්නම් කිරි නෑ.
පොලිතින් භාවිතයෙන් ඉවත්වීම පරිසරය රැකගැනීමට කරන මහඟු මෙහෙයක්. විශේෂයෙන් වෙළඳසල්වලින් භාණ්ඩමිලදී ගැනීමේදී පොලිතින් බෑග් නිකුත් කිරීම නවත්වනවා නම් පරිසරයට පොලිතින් මුදාහැරීම අවම කරන්න පුළුවන්. ඉස්සර වගේ ගෙදරින් ගෙනෙන බෑග්වලට බඩු භාණ්ඩ ඇසිරීමට එතකොට කවුරුත් පුරුදු වෙනවා. පොලිතින් බැග් අලෙවිසල් වලින් නිකුත් කරන නිසා එවැනි පුරුදුවලට ජනතාව යොමුවන්නේ නැහැ. මෙය අපහසු කාර්යයක් වුණත් අකමැත්තෙන් වුණත් පුරුදු වන්න සිදුවන්නේ පරිසරය රැකගැනීම ඊට වඩා වැදගත් වන නිසයි... බොහෝ රටවල දැනටමත් මෙවැනි ක්‍රම අනුගමනය කරනවා.
මෙවැනි ඉතා හොඳ පරිසර හිතකාමී වැඩපිළිවෙලවල් සෑම ආයතනයකම ක්‍රියාත්මක කර අනාගත පරපුර වෙනුවෙන් අපේ යුතුකමක් ඉටුකරමු. අනවශ්‍ය පොලිතීන්, ප්ලාස්ටික් ඇසුරුම් සහිත භාණ්ඩ ආනයනය තහනම් කරනු...