(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහිකවීරරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ ස්ථාවර තැන්පතුවල මුදල්වලින් රුපියල් කෝටි පහක මුදලක් එහි ප්‍රධානියකු වංචනිකව ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
පේරාදෙණිය විශාව විද්‍යාලයට අනුබද්ධ පශාචාත් විද්‍යා උපාධි ආයතනය මහජන බැංකු පේරාදෙණිය ශාඛාවේ පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු 14ක් 2009 ජනවාරි 01 දින සිට 2016 දෙසැම්බර් 31 වැනි දින දක්වා කාලය තුළ අවසන් කර, ලබා ගත් රුපියල් කෝටි නවයක මුදලින් රුපියල් කෝටි හතරක් පමණක් නව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර රුපියල් කෝටි පහක මුදලක් ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරිවරයා වංචා සහගත ලෙස පෞද්ගලිකව මුදලින් ලබාගෙන මූල්‍ය වංචාවක් සිදු කර ඇතැයි කෝප් කමිටුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා බුද්ධිමතෙක්ද, නූගතෙක්ද, උගතෙක්ද අදාළ නැත. හොරා හොරාමයි. මෙම ජ්‍යෙෂ්ඨ සහකාර මූල්‍යාධිකාරි හිඟන්නාටත් නමක් නොමැතිවීමද පුදුමයකි. "කල්ලතෝනියන්" මෙසේ අප රටේ උසස් තනතුරුවලට පත්කෙරුවේ මොන නිවටයාද යන්නද ගැටලුවකි.